ලෝකයේ ප්රමුඛ පෙළේ දුරකථන සමාගමක් වන ඇපල් සමාගමේ නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන ‘jobs’ නවතම චිත්‍රපටයේ ස්ටීව් ජොබ්ස්ගේ චරිතය සඳහා ඔස්කා සම්මානලාභී නළු ක්‍රිස්ටියන් බේල් තෝරාගෙන තිබේ. ස්ටීව් ජොබ්ස්ගේ සැබෑ ජීවිතය ඇසුරින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, සම්මානනීය අධ්යක්ෂ ඩැනී බොයිලි විසිනි. 2015 වර්ෂයේදී එහි රූගත කිරීම් ආරම්භ කරනු ඇතැයි සඳහන් වෙයි.
මෙම චිත්‍රපටය සඳහා මුල්ම වශයෙන් ප්‍රධාන චරිතය ලබා දී ඇත්තේ ඇස්ටන් කචර්ටය. 2013 වර්ෂයේ එළිදැක්වූ ජොබ්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහාද පණපොවන ලද්දේ ඇස්ටන් කචර්ය. මෙම චිත්‍රපටයේ ජොබ්ස් චරිතය හේතුවෙන් අනුගමනය කළ ආහාර පාලන ක්‍රමය තුළින් ඔහුට රෝගී තත්ත්වයක් හටගෙන ඇත.
මෙම රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ එය පිළිකා රෝගී තත්ත්වයක පෙර ලකුණක් බවයි. මෙම පිළිකා රෝගී ලක්ෂණ ස්ටීව් ජොබ්ස්ටද තිබී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙයි. කචර්ට වැලඳී ඇති පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට විවේකයක් ලබාදීමට මෙම චිත්‍රපටයේ අධ්යක්ෂ ඩැනී බොයිල් විසින් තීරණය කර ඇත.
ඩැනී බොයිලි පවසන්නේ,"මෙවැනි නළුවන් රුකගැනීම සඳහා අධ්යක්ෂවරුන් වන අපි බොහෝ සේ මහන්සි විය යුතුයි. එනිසයි මම මේ චරිතය සඳහා ක්‍රිස්ටියන් බේල් යෝජනා කළේ. මොකද මෙවැනි රෝගී තත්ත්වයක සිටියදී මෙවැනි ක්‍රියාවන් (ආහාර පාලන ක්‍රමය) සඳහා යොමුවීම ඉතාමත් භයානක බැවින් සහ එය තුළින් ජීවිතයටද හානියක් සිදුවීමට ඉඩකඩ ඇති නිසා" යනුවෙනි.
ඔහු මීට පෙර නිර්මාණය කළ Slumdog Millionaire චිත්‍රපටයට සම්මාන රුසක් හිමි විය. ඒරන් සෝකින් විසින් මෙවර Jobs චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනුයේ, වෝල්ටර් අයිසැක්සන් විසින් රචනා කරන ලද Steve Jobs නමැති ග්‍රන්ථය ඇසුරිනි. ඒරන් සෝකින් පවසන්නේ, Mac, NeXT සහ iPod යනුවෙන් කොටස් තුනක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වන බවයි.