Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ලෝකයේ ළමා නාට්‍ය ප්‍රභේද කිහිපයක් ඔස්සේ බෙදන්න පුළුවන්. එක් ප්‍රභේදයක් තමයි ළමයින් එකතු වී නිෂ්පාදනය කරන නාට්‍ය. වැඩිහිටියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ළමයින් විසින් නාට්‍ය නිර්මාණය කරන්නේ පාසල්වල ළමයාගේ අධ්‍යාපනයේ කොටසක් ලෙසයි. ඊට අමතරව පාසල්වල විධිමත් අධ්‍යාපනයේ කොටසක් ලෙසත් නාට්‍ය තරග තිබෙනවා. ඒ තරගවලට ඉදිරිපත් වෙන්න පාසල් ළමයින් බොහෝ අවස්ථාවල නාට්‍ය රචනා කරනවා විය හැකියි. ඒ වගේම ගුරුවරයෙකු විසින් ළමා නාට්‍ය රචනා කරනවා විය හැකියි. ඒ අනුව තරගකාරී ස්වරූපයකින් ළමයා විවිධ චරිත නිර්මාණ හා සම්බන්ධ වෙමින් එවැනි ආකාරයේ නාට්‍ය නිෂ්පාදනය කිරීමත් ළමා නාට්‍ය විදිහට සැලකෙනවා.
මීට අමතරව ලෝකයේ තවත් ළමා නාට්‍ය ප්‍රභේදයක් තිබෙනවා. ඒ වෘත්තීමය නළු නිළියන් විසින්, වෘත්තීමය නාට්‍ය නිෂ්පාදකයන්, අධ්යක්ෂවරුන් විසින් ළමයින් වෙනුවෙන් ළමයින්ට බැලීම සඳහා නාට්‍ය නිෂ්පාදනය කරනවා.
අපේ නාට්‍ය මේ කියන ප්රභේදයන්ගේ තුන්වන ප්‍රභේදයට අයත් වෙනවා. ඒ අනුව අපි අවසානයට කතා කළ ප්‍රභේදයට වෘත්තීය නළු නිළියන් එකතු වෙනවා. මේ සම්බන්ධයෙන් අපේ නාට්‍ය ආයතනයක් තිබෙනවා. ලංකාවේ නූතන ළමා නාට්‍ය කලාවේ පුරෝගාමී මෙහෙවරක් කළ සෝමලතා සුබසිංහ මහත්මිය 1981 දී මෙය ආරම්භ කළා. ඇය විසින් ලංකා ළමා හා යොවුන් පදනම පිහිටුවා එයට අනුබද්ධිතව පුහුණුවීම් අංශයක් සහ නාට්‍ය නිෂ්පාදන අංශයක් සකස් කළා. නාට්‍ය නිෂ්පාදන අංශයෙන් අපි අඛණ්ඩව වෘත්තීමය නළු නිළියන් සහාභාගි කරගෙන නාට්‍ය නිර්මාණය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර දෙසැම්බරයේ නාට්‍ය උලෙළක් පැවැත්වීමට නියමිතයි. අපගේ උත්සාහයෙන්, ස්වශක්තියෙන් 1990 මුල භාගයේ සිට එවැනි නාට්‍ය උලෙළවල් කරගෙන එනවා. අපිට හැකි ප්‍රමාණයෙන් අගෝස්තු සහ දෙසැම්බර් මාසයේ නිවාඩු කාලයේ මෙම උලෙළවල් කොළඹ පවත්වාගෙන යනවා.
මෙවර නාට්‍ය උලෙළ දෙසැම්බර් 08, 09 සහ 10 යන තෙදින පුරා පැවැත්වෙනවා. එයින් දෙදිනක තිබෙන්නේ අපි විසින් අලුතෙන්ම ඉදිරිපත් කරන නාට්‍ය. %වලස් පවුල^ නාට්‍යය සුප්‍රකට සුරංගනා කතාවක් ඇසුරින් නිර්මාණය කර තිබෙන්නක්. %gold's lock and tree bears^ යන කතාව තේමා කරගෙන සෝමලතා සුබසිංහ මෙය ඉදිරිපත් කර තිබෙනවා. අලුත් අත්දැකීමක් ළමයින්ට ලබාදීමට සංගීතමය නාට්‍යයක් ලෙස මෙය ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන බොහෝ නාට්‍ය සංගීතමය නාට්‍ය ලෙසයි ඉදිරිපත් කරන්නේ. ළමයින් සංගීතයට, නැටුමට හරි ප්‍රියයි. ඒ වගේම ළමයින්ට අපේ සංස්කෘතික අංග ලක්ෂණ සහිත සංගීතය, නැටුම් යනාදිය අසන්න දකින්න සැලස්වීමත් අපේ නාට්‍ය නිර්මාණයේ එක අරමුණක්. Theater for education යන සංකල්පය මත අපේ නාට්‍ය නිර්මාණය කරනවා. මෙය හරි පුළුල් අර්ථයක්. මෙහි මූලික අරමුණ culture education යටතේ අපේ වටිනාකම්, අපේ සංගීතය, අපේ නැටුම් ක්‍රම, අපේ පවුල් සංස්ථාව, අපේ හැසිරීම් යනාදිය නාට්‍ය හරහා ළමයින්ට අවබෝධ කර දීමයි.
තුන්වෙනි දවසේදී තවත් සුරංගනා කතාවක් වූ 'රෙඩ් රයිඩින් හුඩ්' පදනම් කරගෙන ලියවුණු 'රත්මලී' කියන නාට්‍යය පෙන්වනවා. ජාත්‍යන්තර ජනකතාවක් තිබෙනවා 'ලිට්ල් රෙඩ් හෙන්' කියලා. පුංචි කිකිළියක් වී කරලක් අරන් හැමෝගෙන්ම උදව් ඉල්ලනවා එය සිටුවන්න. නමුත් කවුරුත් උදව් කරන්නේ නැහැ. පස්සේ මේ පුංචි කිකිළිය තනියෙන්ම මේ කාර්ය කරනවා. නමුත් අස්වැන්නෙන් ඵලදාව නෙළා කෑම හදනකොට හැමෝම එනවා ඒ කෑම ගන්න. මේ කතාව ලංකාවට ගැළපෙන විදිහට අලුත් සිද්ධි, ගැළපෙන චරිත යොදා සෝමලතා සුබසිංහ විසින් රචනා කර තිබෙනවා. ඒක අපි 'පුංචි අපට දැන් තේරෙයි' යන නමින් තුන්වෙනි දවසේම පෙන්වනවා. අනෙක් විශේෂය තමයි 'පුංචි අපට දැන් තේරෙයි' නාට්‍යය ජාතික අධ්‍යාපන ක්‍රමය අනුව ජාතික පාසල්වල 7 වැනි ශ්‍රේණිය සහ 8 වැනි ශ්‍රේණිය සිංහල භාෂාවට සහ නාට්‍ය සහ රංග කලාවට නිර්දේශිත ග්රන්ථයක්. ඒ නිසා ළමයින් හට මේ උලෙළ මගින් එම නාට්‍ය නැරඹිමේ අවස්ථාව උදා වෙනවා. පාසලේදී සාකච්ඡා කිරීමට යාමේදී එය නරඹා ඇති නිසා අධ්‍යයන කටයුතුද පහසු වෙනවා.
ඔව්. මම මුලින්ම පැවසූ ආකාරයට අපට නාට්‍ය නිෂ්පාදන අංශයක් සහ නාට්‍ය පුහුණු අංශයක් තිබෙනවා. එම නාට්‍ය පුහුණු අංශයේ සිද්ධ වෙන්නේ වාර්ෂිකව මේ පිළිබඳ උනන්දුවක් තිබෙන, රංගනය ගැන විශේෂයෙන්ම ළමයින් සඳහා සංගීතමය නාට්‍යවල රඟපෑමට කැමති පිරිස් එකතු කර ඒ අයට වර්ෂයක පමණ විධිමත් පුහුණුවක් ලබාදීමයි. එම පුහුණුවෙන් පසුව ඒ අයට මෙම නාට්‍යවල රංගනයේ යෙදීමට ඉඩප්රස්ථාව සලසා දෙනවා. අපේ නාට්‍යවල රඟ දක්වන විශාල පිරිසක් අපේ ආයතනය තුළින්ම පුරුදු වී ජාතික තලයේ වේදිකාවට ප්‍රවිෂ්ට වෙලා සිටිනවා. ළමයින් සඳහා රංගනයේදී විශේෂ පුහුණු වීමක් ලබාදෙනවා.
ඔව්, එය විශාල අභියෝගයක්. නමුත් මේ සියල්ලගේම විවිධ රසයන් තමයි තිබෙන්නේ. රියැලිටිකරණය තුළ නර්තනය හෝ ගායනය ආදියෙන් තිබෙන්නේ වෙනම අවබෝධයක්, වෙන අරමුණක්. එම නිසා සමාජයක් හැටියට ඒවාට වැඩි ආකර්ෂණයක් යොමුවෙලා තිබෙනවා. මුළු රටටම දකින්න පුළුවන් වනවා සේම හැකියාවන් කෙසේ වුවත්, ලබාදෙන පුළුල් ආවරණය තුළින් වැඩි ආකර්ෂණයක් තිබෙනවා. නමුත් මේවා තාවකාලිකයි. එක වටයක් අවසන් වුණාම කිහිපදෙනෙකු ජයග්‍රහණය කරනවා. පරාජය වුණ අය අඬ අඬ ඉන්නවා. දෙමවුපියොත් අඬනවා. ඉතින් මේවා වෙනම ආකාරයේ මානසික තත්ත්වයක්. මෙය හොඳද නරකද යන්න දීර්ඝව සාකච්ඡා කළයුතු දෙයක්. නමුත් සමාජයක් ලෙසින් ඒවාට වැඩි ආකර්ෂණයක් තිබෙනවා. දෙමවුපියන් පැල් බැඳගෙන ඒවාට ළමයින් සහාභාගී කරවනවා. නමුත් වේදිකා නාට්‍ය ලෙස හඳුන්වන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මෙය මීනින් ෆුල් එන්ටර්ටේට්මන්ට් ලෙසද හඳුනාගත හැකියි. නාට්‍යයක එන්ටර්ටේට්මන්ට් කියන දෙය හරිම වැදගත්. එන්ටර්ටේට්මන්ට් කියන දේවල් තමයි සමාජයේ බහුලව තිබෙන්නේ. රූපවාහිනිය, චිත්‍රපට කලාව සහ ගුවන් විදුලිය යන සෑම දෙයක්ම එය මූලික කොට වැඩසටහන් ඉදිරිපත් කිරීම කරනවා. මිනිසුන්ව පිනවන ආකාරයේ දේවල් කරන්න පෙළඹී තිබෙනවා. ආහාර, ඇඳුම් පැලඳුම් ආදී සෑමදෙයක්ම මිනිස්සු පිනවන්න හදාගත්ත දේවල්. ඒවායේදි වැඩි වශයෙන් තිබෙන්නේ මනස සම්බන්ධ වී නොමැති ශාරීරික පිනවීමක් පමණයි. දැන් ඒ පිනවීමෙන් බැහැර වීමට ලැබෙන ඉඩ බොහෝම අඩුයි. මොකද දැන් සමාජයක් ලෙස මිනිසුන් එයට අනුවර්තනය වී අවසානයි. ඒ නිසා අපි බලන්නේ මෙම නාට්‍ය තුළින් කොහොමද අපේ පැත්තට මොවුන්ගේ ආකර්ෂණය ගන්නේ කියලයි. අපි නාට්‍ය ඉදිරිපත් කිරීමේදී එන්ටර්ටේට්මන් හෙවත් පිනවීම තුළින් ළමයාට හිතන්න, සාකච්ඡාවට ගන්න වගේම පවුල සමග එකතු වී තවදුරටත් ඒ පිළිබඳ කතා කරන්න තත්ත්වයක් නිර්මාණය කරලා දෙනවා. එය දෙමවුපියන්ටත්, ළමයින්ටත් විශේෂ වෙයි කියා අප සිතනවා. සංගීතය, නැටුම්, වර්ණ සහ භාෂාව ආදී බොහෝ කාරණාවන් මේ නාට්‍ය සමග එකට වෙළී පවතිනවා. උදාහරණයක් වශයෙන් නාට්‍ය නැරඹීමෙන් ලබන සතුට තුළින් පසුව සාකච්ඡා ඇතිවෙන්න පුළුවන්. නාට්‍යයේ පෙළ රැගෙන පසුව කියවන්න පුළුවන්. ඒ තුළින් ළමයාගේ භාෂාවේ දියුණුවක් ඇතිවෙන්න පුළුවන්. අලුත් වචන හඳුනාගන්න, නාට්‍ය ලබා උද්දීපනය වී යම් යම් නව නිර්මාණයන් සඳහා යොමු වීම සහ එම නර්තනයන් වෙනත් ආකාරයෙන් නටලා පෙන්වීම ආදී එකිනෙකට සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය හැකියි. මෙය ඉතාම හොඳ තත්ත්වයක්. මේ ආකාරයට අපට න්‍යායාත්මකව සාකච්ඡා කළ හැකි සාමූහික ක්‍රියාවලියකට නාට්‍ය නිර්මාණ තුළින් අඩිතාලමක් වැටෙනවා. එය ඉතාම හොඳ ලක්ෂණයක්.
මේවායින් බහුතරයක් සිදුවන්නේ ශාරීරික පිනවීමයි. මම ජයග්‍රාහකයා ලෙස පත් වූ විට එය විශාල සන්තෝෂයක්. මෙයින් පුරුදු කරන තවත් දෙයක් තමයි අනෙක් කෙනාව පසුකර ගිහින් මම දිනන්න ඕන කියන එක. මෙය සමාජයක් ලෙස කල්පනා කළ යුතු කාරණයක්. රියැලිටිකරණය තුළ සාමූහික ක්‍රියාවලියක් නැහැ. ආර්ථික විද්‍යාවේ න්‍යායක් තිබෙනවා මම පොහොසත් වීමට නම් අසල්වාසීන් සියල්ල දුප්පත් විය යුතුයි කියලා. මේ තුළින්ද සිදුවන්නේ අවට සිටින පිරිස් අසන්තෝෂයට පත්කරලා තමන් ජයග්‍රහණය කිරීම ළමා මනසට කාවැදීමයි. අවුරුදු 10දී ළමයෙක් තරුවක් වුණාම ඊළඟට අවුරුදු 20දී, අවුරුදු 30දී මොකද වෙන්නේ. ආදී වශයෙන් අරමුණක් නැතිව යන්න පුළුවන්.
ලංකාවේ නාට්‍ය කලාවට තිබෙන පසුබිම සැලකීමේදී එතරම් සතුටට පත්විය නොහැකියි. එක් එක් සමාජවල පවතින ගතිකත්වයන් මත ඒ ඒ කාලීනව විවිධ දේවල් සිදුවනවා. අපි කොහොමත් නාට්‍ය සම්ප්රදාය මහ ඉහළින් තිබූ රටක් නොවේ. ඒ හේතුවෙන්ම අපිට ළමා නාට්‍ය කියන දෙයද මහ විශාලෙට නැහැ. ළමා නාට්‍ය කලාවට ඉතා කෙටි ඉතිහාසයක් තිබෙන්නේ.
පාසල් මට්ටමින් සිදුවන නාට්‍ය තරග සඳහා රජය මැදිහත් වී කටයුතු කිරීම දැකිය හැකියි. නමුත් මේ නාට්‍ය තරගවලින් නාට්‍ය කලාවට වඩා තරගයට මූලිකත්වයක් දෙන නිසා වෘත්තීයමය නළු නිළියන් සේම පුරුදු පුහුණු කරන්න උත්සාහ කරනවා. එය ළමයාගේ මානසික ශාරීරික තත්ත්වයට කිසිසේත්ම යෝග්‍ය නොවන බවයි මගේ මතය.
ලංකාවේ ළමයින් වෙනුවෙන් නාට්‍ය කරන තත්ත්වයන් බොහෝම අඩුයි. ළමා නාට්‍යවල තිබෙන එක් ගැටලුවක් වන්නේ ළමා නාට්‍ය කියා වියදමේ අඩුවක් නොමැති වුවත් එය ආවරණය වන පරිදි ඊට සාපේක්ෂ මුදලක් උපයා ගැනීම බෙහෙවින් අපහසු ක්‍රියාවක් වීමයි. මේ නිසා ළමා නාට්‍ය ප්‍රවර්ධනය කිරීමට කුමක් හෝ දෙයක් ආරම්භ කළ යුතුයි. සමාජයක් හැටියට මේ පිළිබඳ උනන්දුවක් දරන යම් යම් අයගේ සහයෝගයක් අවශ්‍ය වෙනවා.
පාසල් ක්රමයේද විෂය මාලාවට අන්තර්ගත වුවහොත් පමණක් නාට්‍යයක් බැලීමේ අවශ්‍යතාවක් ඇති වෙනවා. මේ නිසා අනෙකුත් නාට්‍ය ගැන කිසි උනන්දුවක් නැහැ. ලංකාවේ ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික මට්ටමේ ගැටලු රැසක් තිබෙනවා.
ලෝකයට සාපේක්ෂව ලංකාව ගත්තොත් අපි හරිම පහළ මට්ටමක තමයි ඉන්නේ. මම ජාත්‍යන්තර ළමා නාට්‍ය උලෙළවල් ගණනාවකට සහාභාගි වී තිබෙනවා. අපි විවිධ රටවලට අපේ නාට්‍ය රැගෙන ගිහින් තියෙනවා. කොරියාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ රටවල් සමග සාපේක්ෂව ගන්නකොට ළමයින්ට කලා කටයුතු නිර්මාණ කටයුතු සඳහා දී තිබෙන ඉඩකඩ බැලුවොත් අපට ඒ මට්ටමට ළඟා වෙන්න කොපමණ කාලයක් ගතවෙයිද කියා හිතාගන්නවත් බෑ.
මුලාශ්‍ර හෝ නොහැකියාවක් නිසා නොවේ අපට අවශ්‍ය කරන වුවමනාව නැතිකමයි තියෙන්නේ. මම හිතන විදිහට ඒ සඳහා අවශ්‍ය කරන වුවමනාව සහ සංවේදී බව තිබිය යුතුයි. කොළඹ හා නාගරික පාසල්වල නාට්‍ය ශාලා පහසුකම් තිබුණත් ඒවත් නිසි පරිදි පරිහරණය කරන්නේ නැහැ. කොළඹ අවට දක්ෂ ගුරුවරුන් සිටියත්, නාට්‍ය හා රංගකලා විෂයයන් සඳහා ගුරුවරුන් අනියුක්ත කිරීම කොළඹට සාපේක්ෂව අනෙක් ප්‍රදේශයන්වල අඩු මට්ටමක පවතිනවා.
නාට්‍ය යන්න විෂය මාලා තුළට ඇතුළත් වීම ඉතා හොඳ දෙයක්. නමුත් එයින් මතුවන අනෙක් ගැටලුව වන්නේ එයත් ගණිතය,සිංහල, ඉංග්‍රීසි සේ එක් විෂය පමණක් වීමයි. විෂයයක් යන්නෙන් එහා ගිය එහි සුන්දරත්වය සහ ආස්වාදය, එයින් ලැබෙන විචක්ෂණ විචාරශීලි බව ආදී ගුණයන් රාශියක් තිබුණද ඒ කිසිවකට නැඹුරුවක් දැකිය නොහැකියි. මෙවැනි දුර්වලතා පිළිබඳ අපි හොඳ අවබෝධයක් ලබාගත යුතුයි. වෙනස්කමකට භාජනය නොකරන්නේ නම් ඉදිරි වසර 70ක් වුණත් ඉන්න වෙන්නේ මේ ලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd