මෙම වසර (2015) මෙන්ම උදාවන නව වසරේදීද බොලිවුඩයේ ප්‍රවීණ නිළියන්ට උදාවන්නේ එතරම් සුබ කලදසාවක් නොවන බව කිව හැකිය. එයට හේතුවන්නේ උදාවන නව වසරේ ජනවාරි මාසයේදී එළිදැක්වීමට ඇති සෑම චිත්‍රපටයක් සඳහාම රංගනයෙන් දායක වන්නේ නවක නිළියන් වීමයි. ජනවාරි මාසය තුළ හොලිවුඩ් චිත්‍රපට 11 එළිදැක්වීමට ඇති අතර, මේ අතරින් කිසිදු ප්‍රවීණ නිළියක සඳහා රංගන වරම් හිමි වී නොමැත. මේ අනුව දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා සහ බිපාෂා බාසු වැනි සම්මානලාභී නිළියන්ට කුමක් වන්නේ දැයි යන්න සිතාගත නොහැකිය.
Mandana Karimi
ආසියානු සම්මානලාභී නිරූපිකාවන වන Mandana Karimi ට ඉන්දියානු රූපවාහිනී වැඩසටහනක් වන Big Boss හරහා විශාල ජනප්‍රියත්වයක් හිමිවිය. ඉන්පසුව 2015 වර්ෂයේදී ඇගේ පළමු චිත්‍රපටය Roy චිත්‍රපටය හරහා රංගනයෙන් දායක විය. 2015 වර්ෂයේ ක්ෂේත්රයට පිවිසි ඇය 2015 වර්ෂයේදී පමණක් චිත්‍රපට 3ක් සඳහා රංගනයෙන් දායක වූවාය. එළඹෙන 2016 වසරේ ඇයට රංගන වරම් හිමිවන්නේ Kyaa Kool Hain Hum 3 චිත්‍රපටයෙනි.
Parul Yadav
උදාවන නව වසරේ හෙට (01දා) එළිදැක්වීමට නියමිත බොලිවුඩ් චිත්‍රපටයක් වන Killing Veerappan චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වශයෙන් රංගනයෙන් දායක වන්නේ Parul Yadav ය. රාම් ගෝපාල් වරම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය භාෂා හතර කින් එළිදැක්වේ. මෙහි ප්‍රධාන චරිතයට පණපොවන Parul Yadav ක්ෂේත්රයට පිවිසෙන්නේ 2000 වර්ෂයේදීය. රූපවාහිනි නිවේදිකාවක සහ නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පිවිසි ඇය, 2000 වර්ෂයේදී එළිදැක්වූ Meri Aaghosh Mein චිත්‍රපටයට රංගනයෙන් දායක වූවාය. 2013 වර්ෂයේදී පමණක් ඇය සම්මානයන් තුනකින් පිදුම් ලැබුවාය. ඉන්පසු 2014 වර්ෂයේදී South Indian International Movie Award හිදී හොඳම සහාය නිළිය සම්මනය දිනාගත්තාය. මෙම වර්ෂයේදී (2015) පමණක් ඇය චිත්‍රපට 08 ක් සඳහා රංගනයෙන් දායක වී ඇත.
Nimrat Kaur
2002 වසරේ නිරූපිකාවක වශයෙන් සම්මානය හිමි කරගන්නා මැයට 2004 වර්ෂයේදී රංගන වරම් හිමිවන්නේ Tera Mera Pyar යන චිත්‍රපටය හරහාය. ඉන්පසුව 2005, 2006 යන වර්ෂවල චිත්‍රපට වරම් හිමිවිය. අවුරුදු 4ක් පුරා නිහඬව සිටි ඇය නැවතත් රංගන ක්ෂේත්රයට පිවිසෙන්නේ 2010 වර්ෂයේදීය. නව වසරේදී ඇය ප්‍රථම වරට ප්‍රධාන චරිතයට පණපොවන්නේ ජනවාරි 22 වැනිදා එළිදක්වනු ලබනAirlift චිත්‍රපටය හරහාය.
Aditi Rao Hydari
අතුරු චරිත සඳහා රංගනයෙන් දායක වෙමින් සිටි ඇයට මෙම වර්ෂයේදී එළිදැක්වූ Baby චිත්‍රපටය හරහා ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමට වරම් හිමිවිය. 2006 වර්ෂයේදී ක්ෂේත්රයට පිවිසි ඇය මුල්ම වශයෙන් රංගනයෙන් දායක වන්නේ Prajapathi චිත්‍රපටය හරහාය. මෙම වර්ෂයේදී ඇයට චිත්‍රපට 3ක් සඳහා රංගන වරම් හිමිවුවත් ඉන් එළිදක්වනු ලැබුවේ එක් චිත්‍රපටයක් පමණි. එළැඹෙන නව වසරේ විශිෂ්ට නළුවෙකු වන අමිතාබ් බච්චන් සමග රංගනයෙන් දායක වීමට වරම් ලැබෙන්නේ Wazir චිත්‍රපටය හරහාය.
Tannishtha Chatterjee
වෙනස්ම ආකාරයේ චරිත සඳහා රංගනයෙන් දායක වන නිළියක් ලෙස Tannishtha හඳුන්වයි. ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන brett lee සමග පෙම් සම්බන්ධයක් ඇති බව විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කළද, ඇය මේ පුවත් පිළිබඳව කිසිදු විරෝධතාවක් දක්වා නොමැත. උදාවන නව වසරේ ජනවාරි 08 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති Chauranga චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවනු ලබන්නේ ඇය විසිනි. 2003 වසරේ නවක නිළියක ලෙස ක්ෂේත්රයට පිවිසි ඇය මේ වනවිට චිත්‍රපට 30කට රංගනයෙන් දායක වී ඇත. ඒ අතරින් මෙම වර්ෂයේ (2015) චිත්‍රපට 6 ක් සඳහා රංගනයෙන් දායක වී ඇත. ඇගේ චිත්‍රපට ක්ෂේත්රයේ පළමු සම්මානය හිමිවන්නේ 2006 වර්ෂයේදී පැවැත්වූ Osian film festival උලෙළේදී හොඳම නිළිය සඳහාය. කෙසේ වුවත් ගැමි චරිත සඳහා රංගනයෙන් දායක වී ඇති ඇය මෙම වර්ෂයේදීත් එවැනිම චිත්‍රපට සඳහා මුල පුරන බව සඳහන් වෙයි.
Soha Ali Khan
නව වසරේ කරළියට එන Ghayal Once Again චිත්‍රපටය හරහා වසරකට පසුව නැවතත් රංගනයෙන් දායක වන නිළියකි. 2004 වර්ෂයේදී ඇගේ පළමු චිත්‍රපටය ලෙස Iti Srikanta චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී ඇත. චිත්‍රපට වැඩි ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී ඇති නමුත්, ඇය විසින් රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට එතරම් ජනප්‍රියත්වයට පත්වූයේ නැත. 2013 වර්ෂයේදී තිරගත වූ Go Goa Gone චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන් සමග රංගනයෙන් පසුව ඇයව ප්‍රසිද්ධියට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.