චීනය තම ආර්ථිකය ලෝකයට විවර කර මේ වනවිට වසර 40ක් සම්පූර්ණ වෙයි. ඩෙන් ෂියාඕපින් චීන ආර්ථිකය ලොවට විවෘත කරමින් චීනයේ අනන්‍යතාව රැකගෙන රටක් ලෙස ලෝකයේ නමක් දිනාගැනීමට චීනය මෙහෙයවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළේය. කෘෂිකර්මය, කර්මාන්ත, ජාතික ආරක්ෂාව සහ විද්‍යාව සහ තාක්ෂණය යන අංශ 04න් නවීනත්වය කරා චීනය ගෙන යමින් චීන ආර්ථිකය ලෝකයට විවෘත කිරීමට ඩෙන් ෂියාඕපින් කටයුතු කළේය. එයින් පසු පැමිණි සෑම ජනාධිපතිවරයෙකුම චීන ආර්ථික සැලැස්ම ඉදිරියට ගෙන ගිය අතර, වර්තමාන ජනාධිපති ෂී ජින්පින් යටතේ චීනය ලෝකයේ බලවත්ම ආර්ථිකය බවට පත්වෙමින් තිබේ.
චීනයේ මේ සාර්ථකත්වය ගැන බොහෝ දෙනා කතා කරන්නේ විමතියෙනි. එහෙත් ගෙවුණු වසර 40ක කාලයේදී චීනයේ දුක්වින්ද පරම්පරාව මේ ගමනේ දුෂ්කරතාව දනී. ඔවුහු තම රටත්, අනාගත පරපුරත් ශක්තිමත් කිරීමට වෙහෙසුණහ. එහි ප්‍රතිඵල අද චීනය පමණක් නොව චීනයේ මිත්‍ර රටවල් පවා භුක්ති විඳිමින් සිටියි.
1978 වනවිට චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 213.878ක් විය. එය ලෝකයට සාපේක්ෂව ගන්නේ නම් 2.25෴ක් විය. 2017දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 12.25ක් වූ අතර, එය ලෝකයට සාපේක්ෂව 16෴ක් විය. එය 1978ට සාපේක්ෂව 226.9 ගුණයක වැඩි වීමකි. 1978දී චීනයේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වසරකට ඩොලර් 222ක් වූ අතර, 2017 වනවිට එය ඩොලර් 8,836ක් වී තිබිණි. ඒ අනුව චීනය ක්‍රමයෙන් ඉහළට ගමන් කළ ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ නේවාසික ආදායම වැඩි වූ ආකාරයයි. 1978දී චීන යුවාන් 343.4ක් වූ නාගරික පුද්ගලයෙකුගේ වැය කළ හැකි ආදායම් අගය 2017දී යුවාන් 36,396ක් දක්වා වැඩි විය. ග්රාමීයව 1978දී එය තිබුණේ යුවාන් 133.6ක් ලෙසය. 2017දී එය 13,432ක් වී තිබේ. මෙයින් කියැවෙන්නේ චීන වැසියෙකුගේ ආදායම් ප්‍රමාණයේ සිදුව ඇති වර්ධනයයි. 2017 අවසන් වනවිට චීනයේ ජනගහනය බිලියන 1.39ක් වන අතර, මේ වසරේදී තවත් මිලියන 7.37කින් ජනගහනය වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. සමස්ත චීන ජනගහනයෙන් මිලියන 813.47ක් ජීවත් වන්නේ නාගරික ප්රදේශවලය. එය සමස්ත ජනගහනයෙන් 58.52%ක් වෙයි.
චීනය මේ වනවිට දුප්පත්කමට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් ගෙන යයි. ඔවුන්ගේ අරමුණ වන්නේ ඉදිරියේදී දුප්පත්කම චීනයෙන් සහමුලින්ම තුරන් කිරීමයි. වසරකට යුවාන් 2300කට අඩු ආදායමක් උපයන පිරිස චීනයේ දුප්පතුන් ලෙස සැලකේ. මේ වනවිට එනම් 2017 වනවිට මෙම මට්ටමට අඩුවෙන් සිටින පිරිස මිලියන 30.46කි. එය 2016 වර්ෂයට වඩා මිලියන 12.89ක අඩුවීමකි. 1978ට සාපේක්ෂව ගතහොත් මිලියන 200ක පිරිසක් දුප්පත්කමින් මුදවාගැනීමට මේ වනවිට චීනය සමත් වී තිබේ. එසේම 2017 වනවිට ජනගහනයට සාපේක්ෂව දුප්පතුන්ගේ ප්‍රමාණය 3.1෴ක් දක්වා පහතට ගෙන ඒමට චීනයට හැකියාව ලැබී තිබේ.
චීනය මේ සාර්ථකත්වය ලැබුවේ කෙසේද? එය බොහෝ දෙනෙකුට ඇති ප්රශ්නයයි. එයට චීනය උත්තර දෙන්නේ තමන් ආර්ථිකය විවෘත කිරීමෙන් ලැබූ පුහුණුවෙනි. ඒ අනුව ඔවුන් තමන්ගේ සාර්ථකත්වයට හේතුව කොටස් 06කින් පෙන්වා දෙයි.
01. තමන්ගේ රටට ගැළපෙන විශේෂිත වූ සංවර්ධන සැලසුම් මාවතක් තෝරාගැනීම
මෙහිදී චීනයේ අවධානය යොමු වූයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී මාවතකි.
02. වෙළෙඳ පොළ අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම
ආරම්භයේදී චීනයේ අවධානය යොමුවූයේ නිෂ්පාදනය වැඩි කිරීමට සහ භාණ්ඩ හුවමාරුව සඳහාය. එනම් භාණ්ඩ ආර්ථිකයක් වෙතය. එහෙත් වෙළෙඳ පොළ මූලික කරගත් ආර්ථික ක්‍රියාවලියක් අවශ්‍ය බව පසුව චීනය අවබෝධ කරගත් අතර, එය වඩාත් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවුණි. මෙහිදී රජය සහ වෙළෙඳ පොළ තම තමන්ට අයත් කාර්යයන් නිවැරදිව තේරුම්ගෙන එකිනෙකා අතර අවබෝධයෙන් කටයුතු කිරීම සිදු විය.
03. ඒකාබද්ධ වූ චීනය ලෝයකට විවෘත කිරීම සංකල්පය ප්‍රවර්ධනය කිරීම
1980-1990 කාලයේදී චීනය විදේශ ආයෝජකයන්ට තම රට විවෘත කළ අතර, ඔවුහු තමන්ගේ කර්මාන්ත ශාලා චීනයේ විවෘත කළහ. ඒ කාලයේ චීනය හැඳින්වූයේ %ලෝකයේ කර්මාන්ත ශාලාව^ යන නමිනි. 2001-2012 කාලයේදී චීනය ලෝක වෙළෙඳ සංවිධානයට එක් වූ අතර, ලෝකය සමග වෙළෙඳාමට එක් විය. එසේම චීනය තමන්ගේ නිෂ්පාදනවලට අලුත් වටිනාකම් දුන් අතර ඇමෙරිකාව පරදා ලෝකයේ ප්‍රධාන නිෂ්පාදකයා වීමට චීනයට හැකි විය. 2013 සිට ඉදිරියට චීනය %එක් මාවතක් - එක් තීරයක්^ සංකල්පය යටතේ ලෝකයට විවෘත වීම තවත් වේගවත් කර තිබේ.
04. ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනයට කැපවීම
මෙය 1980 දශකයේදී ප්රමුඛ කාර්යය ලෙස හඳුනාගෙන රජයේ සියලු ආයතන ඉහළ සිට පහළට ආර්ථික සංවර්ධනය යන අරමුණට යොමු කරනු ලැබීය.
05. දේශපාලන සහ සමාජීය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම
චීන කොමියුනිස්ට් පක්ෂය දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් ප්රමුඛ කාර්යයට රට සූදානම් කළේය.
06. නව සංවර්ධන සැලසුම් ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කිරීම
සෑම ක්ෂේත්රයකම සමීක්ෂණ කරමින් අවශ්‍යතා හඳුනාගනිමින් නව සංවර්ධන සැලසුම් සකස් කෙරිණි.
ඉහත මූලික කරුණු 06 ඔස්සේ යමින් චීනය ලෝක බලවතා විය. චීනය සමග ආර්ථිකය විවෘත කළ අපි තවමත් එකම තැනකට වී බලා සිටිමු.