හේලීස් මොබිලිටි හි නවතම රථ වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක ඇරඹුමක් සටහන් කරමින් ලාංකිකයන් වෙත පිදෙන උසස් තත්වයේ මෝටර් රථ අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම උදෙසා හේලීස් මොබිලිටි විසින් අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හි දී සිය නවතම මෝටර් රථ වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගිය දා සිදු කරන ලදි.
මෙමඟින් පාරිභෝගිකයින් හට ඉතාමත් පහසුවෙන් රැඳී සිටීමේ කාලයක් නොමැතිව රථ වාහන ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. එසේම හේලීස් මොබිලිටි සතු පූර්ණ විද්‍යුත් සහ ප්ලග් ඉන් දෙමුහුන් SUV රථ එකතුවක් එකම ස්ථානයකදී නැරඹීමට හා ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් සතු වේ.
මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය තුළින් පාරිභෝගිකයින්ට වාහන ලබා ගැනීමට සහ හේලීස් මොබිලිටි හි නව බලශක්ති රථවාහන (NEV) පෙළ සියැසින්ම අත්විඳිමින් ඒ පිළිබඳ දැනුවත් වීමේ අවස්ථාව ලබා ගත හැකි ස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. මෙම මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත්තේ රථ වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමට වන අතර, එය මෝටර් රථ අංශය නව මානයකට ගෙන ඒම මෙන්ම පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන හේලීස් මොබිලිටි හි කැපවීමද පිළිබිඹු කරයි.
මෙම නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රවාහන ක්ෂේත්රය තුළ හේලීස් මොබිලිටි හි නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන අතර ජේකූ J7 PHEV, ඩොක්ටර් J, J8 සහ ඔමෝඩා E5 යන රථ වාහන පෙළම මෙම මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමද සිදු කෙරේ. එසේම එය වාහන සිහිනය සැබෑ කරගැනීමට මඟ බලා සිටින ශ්‍රී ලාංකික පවුල්, වෘත්තිකයන්, ව්‍යවසායකයින් මෙන්ම උසස් තත්ත්වයේ SUV රථ ලබා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරයන් සඳහාද දියුණු ප්‍රවාහන විසඳුම් ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකාවේ OJ (Omoda&Jaecoo) සහ SRM වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා ලෙසින්, හේලීස් මොබිලිටි සම්පූර්ණ නිෂ්පාදක වගකීම්, සහතික කළ අලෙවියෙන් පසු සේවාව මෙන්ම නියම ජෙනුයින් අමතර කොටස්, සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන මාර්ගස්ථ සහය සැපයීමද සිදු කරයි.
එලෙසින්ම හේලීස් මොබිලිටි, StarCharge සමඟ ඇති හවුල්කාරීත්වය ඔස්සේ විශ්වාසදායක විද්‍යුත් ආරෝපණ පහසුකම්ද පාරිභෝගිකයන් වෙත ලබා දී ඇත. ඊට සමගාමීව හේලීස් මොබිලිටි දිවයිනේ ප්රමුඛ පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන සමඟද ඇති හවුල්කාරීත්වයන් හරහා පාරිභෝගිකයින්ට පහසුවෙන් වාහන සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාවද සලසා දී ඇත.
හේලීස් මොබිලිටි හි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතයට ගැළපෙන පරිදි ප්‍රවාහන විසඳුම් ගෙන එමින්, සුවපහසු සහ කාර්යක්ෂම රථ වාහන බෙදාහැරීමේ සහ ලබා ගැනීමේ අත්දැකීම තම පාරිභෝගිකයන් වෙත ලබා දීමයි. වැඩි විස්තර සඳහා www.hayleysmobility.com වෙත පිවිසෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

