කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කර ඇති හෙළ බොජුන් අවන්හල් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිටත් කාන්තාවන් 600 දෙනෙකුට සෘජු රැකියා අවස්ථා උදාවී තිබේ.
“දේශිය ආහාර පරිභෝජනය ඉහළ නැංවීම හා දේශීය ආහාර සුලබ කිරීමේ” සංකල්පයට අනුව ආරම්භ කරන ලද හෙළ බොජුන් හල් දිස්ත්‍රික්ක 18ක් ආවරණය කරමින් අලෙවි සැල් 22ක් සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හෙළ බොජුන් අලෙවිසැල් 60ක් පමණ ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන කාන්තාවන්ට ව්‍යවසායකත්ව පුහුණුවක් ලබාදීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කෙරෙයි.