සෙලින්කෝ ලයිෆ් ප්රණාම ශිෂ්‍යත්ව 25 වසරක සන්ධිස්ථානයට පැමිණේ
රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සහ ප්රතිලාභ සැලසීම සඳහා සිය දිගුකාලීන කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 25 වන වරටත් ප්රණාම ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරන බව නිවේදනය කර ඇත.
ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙම වැඩසටහන යටතේ 2026 වසරේ දී රුපියල් මිලියන 22.7 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්රදානය කරනු ඇත. දිවයින පුරා සිසුන් 3,466 දෙනෙකුට අද වනවිට අධ්‍යාපන ජයග්‍රහණ, ක්‍රීඩා, කලා සහ අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන කාර්ය සාධනය ඇගයීම සඳහා සමාගම රුපියල් මිලියන 240ක් ආයෝජනය කර ඇත.
මෙම වසරේදී අධ්‍යාපනික සහ ජාතික මට්ටමේ කුසලතාවන්හි ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලද සිසුන්හට කාණ්ඩ හතරක් යටතේ ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. 2025 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම 2024-25 දී ක්‍රීඩා, නාට්‍ය, නව නිපැයුම් සහ නිර්මාණාත්මක ක්ෂේත්රයන්හි ජාතික හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් අත්කරගත් සිසුන් හට ශිෂ්‍යත්ව ප්රදානය කරනු ඇත.
5 වසර ශිෂ්‍යත්ව විභාග කාණ්ඩය යටතේ ශිෂ්‍යත්ව 25ක් පිරිනමන අතර සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතරින් සෑම දිස්ත්‍රික්කයකම ඉහළම දක්ෂතා දක්වන දරුවාට වසර පහක කාලයක් තුළ රුපියල් 240,000ක් වටිනා ශිෂ්‍යත්වයක් හිමිවනු ඇත. තවද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී සෑම දිස්ත්‍රික්කයකම ඉහළම දක්ෂතා දක්වන සිසුන් 25 දෙනෙකුට වසර දෙකක් තුළ රුපියල් 168,000ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි.
උසස් පෙළ කාණ්ඩය යටතේ සිසුන් 100 දෙනෙකු ඇගයීමට ලක් කෙරෙන අතර, සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ශිෂ්‍යත්ව හතරක් පිරිනමනු ලබයි. Z-ලකුණු මත පදනම්ව සෑම විෂය ධාරාවකින්ම ඉහළම ජයග්රාහකයාට එක් ශිෂ්‍යත්වයක් ප්රදානය කෙරෙන අතර එය රු. 120,000 බැගින් එකවර ගෙවීමක් ලෙස හිමි වේ. එයට අමතරව, ක්‍රීඩා, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක විෂයයන් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත් සිසුන්ට රු. 50,000 බැගින් වූ ජාතික කුසලතා සම්මාන 10 ක් ප්රදානය කරනු ඇත.
2026 ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර සුදුසුකම් සපුරනු ලබන රක්ෂණ ඔප්පු හිමියන්ට තම දරුවන් වෙනුවෙන් අප්‍රේල් 30 වන දින හෝ ඊට පෙර අයදුම් කළ හැකිය.
අධ්‍යාපනයේ මූල්‍යමය පීඩනය අවම කරමින් ශ්‍රී ලාංකිකයන්ට විශිෂ්ටත්වය කරා ළඟා වීමට අවශ්‍ය සිය පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීමට පෙළඹවීම සඳහා මෙම ප්රණාම ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව පවත්වනු ලබයි. මෙය මූල්‍ය ආරක්ෂාව පිළිබඳ පොරොන්දුවෙන් ඔබ්බට යමින් රක්ෂණ ඔප්පු හිමි පවුල්වලට සහයෝගය දැක්වීමේ සමාගමේ දිගුකාලීන දර්ශනය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

