සියයට 7ක වර්ධන ඉලක්කය ප්‍රමාණවත් නෑ - මන්ත්‍රී හර්ෂ
පසුගිය ආණ්ඩුව විසින් ස්ථාවර කළ ආර්ථිකය වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට රැගෙන යාම හොඳ වුවත් එය ඉහළ ආර්ථික වර්ධන මාවතකට රැගෙන යාමට මෙවර අයවැයෙන් පදනමක් දමා නොමැති බවත්, සියයට 7 ක ආර්ථික වර්ධන ඉලක්කය රට ගොඩ නැගීමට ප්රැමාණවත් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්රීස ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
එසේම, සීනි බදු වංචාව, ඊ වීසා වංචාව පිළිබඳව ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ ඇයි දැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා, ජනතාව මත බදු පිට බදු අයකරමින් සහ වාහන ආනයනය මගින් ඉතාමත් පහසු ආදායම් ලබමින් සිටින ආණ්ඩුවට හැකියාව තිබුණත් ජනතාවට කැපී පෙනෙන සහනයක් මෙම අයවැය මගින් ලබාදී නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම, දිනකට රුපියල් ලක්ෂයක පිරිවැටුමක් ලබන ව්‍යාපාරිකයන් පවා මෙම අයවැය මගින් වැට් බද්දට යටත් කර ඇති බවත්, එය ජීවන වියදම වැඩිවීමට හේතුවක් බවත් මන්ත්‍රීවරයා පැවසීය. එවැනි පසුබිමක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා කර ආර්ථික වශයෙන් අපහසුවෙන් සිටින ජනතාවට බදු සහනයක් දීමට රජය ක්‍රියා නොකළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, රජය බදු අඩු නොකළද 2027 දී දේපොළ බද්දක් අය කිරීමට IMF එකට එකඟවී තිබෙන බවත්, අනෙකුත් ආණ්ඩුවලට ණය ගන්නවා යැයි චෝදනා කළ වත්මන් ආණ්ඩුව රු.බිලියන 3,800ක දේශීය සහ විදේශීය ණය ලබාගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම, රැකියාවක් කිරීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, කුඩා වාහනයක් ගැනීම, නිවසක් ඉදිකර ගැනීම, දෙමව්පියන්ට සැලකීම සහ දරුවන් හදා ගැනීම යන මෙරට තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ඉටුකිරීමට මෙම අයවැය අසමත් වන බවත් කී මන්ත්‍රීවරයා, අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට යෝජනාකළ සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයෙන් ආසන්න ලෙස ණය ලබාගත හැක්කේ සේවකයන් 4,166දෙනෙකුට පමණක් බවත් අවධාරණය කළේය.
එසේම අයවැය කතාවේදී, විදේශීය සෘජු ආයෝජන ඇ.ඩො.මිලියන 823ක් පැමිණි බව ආණ්ඩුව කීවත්, ඒවායින් සියයට 67ක් ගිවිස ගත්තේ පසුගිය ආණ්ඩුව සමයේ යැයි වත්මන් ආණ්ඩුව වසන් කරන බවද මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

