සහල් සහ තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කිරීමේ වෙළෙඳ සැල් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
රජයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් සහ තිරිඟු පිටි අලෙවි කරන වෙළෙන්ඳන් පිළිබඳව ජනතාව විසින් එම අධිකාරිය වෙත පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබූ බවත්, මෙම හදිසි වැටලීම් සඳහා එය හේතු වූ බවත් සඳහන් වේ.
එමෙන්ම, උත්සව සමයද ඉදිරියේදී එලැඹෙමින් පවතින නිසා මිල සහ කල් ඉකුත්වීමේ දින වෙනස් කරමින් භාණ්ඩ අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන්ද පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන්ද වැටලීම් සිදුකිරීමට සූදානමින් සිටියි.