දේශීය රැකියා දහස් ගණනක් සපයන ශ්රී ලංකාවේ ක්රියාත්මක වන එක්සත් ජනපද සමාගම් සමඟ සම්බන්ධ වීමට ලැබීම ආඩම්බරයක් බව ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.
ශ්රී ලංකාවේ ඇමෙරිකානු වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ උත්සවයකදී එක්සත් ජනපද තානාපතිනිය මෙම අදහස් පළ කළාය.
සැමට සාධාරණ හා විනිවිද පෙනෙන ආර්ථික තත්ත්වයන් නිර්මාණය කරන ප්රතිපත්ති සහ භාවිතයන් ශ්රී ලංකාව තුළ ප්රවර්ධනය කිරීමට එක්සත් ජනපදය දිගින් දිගටම කැපවන බවද ඇය කියා සිටියාය.