කාර්යාල සංකීර්ණයක්, වාණිජ සංකීර්ණයක් හා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඇතුළත් සෙත්සිරිපාය 4 වන අදියර රු.බිලියන 12ක වියදමින් එලැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිතව තිබූ රාජ්‍ය ආයතන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරයට ගෙන ඒමේ රජයේ සැලැස්ම යටතේ ඉදිකිරීමට යන මෙම ගොඩනැගිලි සංකීර්ණය සදහා වැයවන මුදල රු.බිලියන 12 කි.
රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන අතර, එහි සැලසුම් අනුමත කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ දිනවල සිදුකරගෙන යන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ විශාලතම කාර්යාල සංකීර්ණය වන වර්ග අඩි 13,59,430ක වපසරියකින් යුතු, මහල් 25කින් සමන්විත සෙත්සිරිපාය 3 වැනි අදියරේ ඉදිකිරීම් මේ වනවිට සිදුකෙරෙමින් පවතින අතර, ඒ සඳහා ආයෝජනය රු.බිලියන 15.6කි.