ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළව නිකුත් කර ඇති රෙගුලාසිවලට අනුකූලව මෙම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරනු ඇති බවත්, වන්දි මුදල් සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ උපදෙස් ලබාදෙනු ඇති බවත් මහ බැංකුව පවසයි.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 011-2398788, 011-2477261 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකු වැඩිදුරටත් පවසයි.