ලංකා දුම්කොළ සමාගම 2019 ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුව තුළ 21.5%කින් අලෙවිය පහළ ගොස් ඇති බව සිය මූල්‍ය වාර්තාවලින් පෙන්වා දෙයි.
2018 අගෝස්තු සහ 2019 මාර්තු මාසවල නීත්‍යානුකූලව නිෂ්පාදනය කරනු ලබන සිගරට් වෙනුවෙන් පනවන ලද බදු ඉහළ නැංවීම මීට ප්‍රධාන හේතුව බව එම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, ලංකා දුම්කොළ සමාගමේ ආදායමද 2019 ජූනි 30න් අවසන් කාර්තුව තුළ රු.බිලියන 38.85 සිට රු.බිලියන 36.21ක් දක්වා පහත වැටී ඇති බවත්, සිගරට් මත පනවන ලද බදු ආදායම මෙම කාර්තුව තුළ දී රු.බිලියන 30.17 සිට රු.බිලියන 27.63ක් දක්වා රු.බිලියන 2.54කින් පහළ ගොස් ඇති බවත් වැඩිදුරටත් දක්වා සිටියි.
කෙසේ වෙතත්, මෙම ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුවේදී ලංකා දුම්කොළ සමාගම රු.බිලියන 4.68 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, කොටසකට රු.20ක් බැගින් සමාගමේ කොටස්කරුවන්ට ලාභාංශයක්ද ප්‍රකාශයට පත්කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.