ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගතකරණ කමිටු සභාපති ධුරය හාන්ස්ට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ උපායමාර්ගික හා ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නායකත්වය ලබාදීම සඳහා පිහිටුවා ඇති උපායමාර්ගික හා ප්‍රතිව්‍යුහගතකරණ කමිටුවේ (Strategy and Restructuring Committee) සභාපතිවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදුලි සංදේශ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්රයන්හි දිගුකාලීන අත්දැකීම් සහිත ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ජාතික ගුවන් සේවයේ අනාගත උපායමාර්ගික දිශානතිය සකස් කිරීම සහ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් මෙහෙයවීමේ වගකීම මෙම කමිටුව හරහා භාරගනු ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලෙහි අඛණ්ඩ පියවරක් ලෙස මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
ජාතික ගුවන් සේවයේ දිගුකාලීන තිරසාරභාවය, තරගකාරීත්වය සහ සේවා ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

