ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්ලාස්ටික් පර්යේෂණ ආයතනය ඇරඹේ
රට තුළ කෙමෙන් වර්ධනය වන අංශයන් ලෙස හැඳින්විය හැකි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ හා නිෂ්පාදන කටයුතුවලට විද්‍යාත්මක නිරවද්‍යතාවය, ජාත්‍යන්තර ප්රමිතීන් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු මෙන්ම එකම ප්ලාස්ටික් පර්යේෂණ ආයතනය වශයෙන් GP Labs දියත් කරන බව එහි මූලිකත්වය ගත් GP Certified ආයතනය විසින් සාඩම්බරයෙන් නිවේදනය කරයි.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා තිරසරභාවය පිළිබඳ ගෝලීය වශයෙන් අවධානයට ලක්ව ඇති මේ යුගයේදී, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් සඳහා විද්‍යාත්මක වලංගුභාවයක් නොමැතිකමින් අප රටේ ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්රයට අදාළ අංශ විශාල අභියෝගයන්ට මුහුණ දී සිටිති. GP Labs විසින් ඍජුවම මෙම ගැටලුවට විසඳුම් ලබාදෙමින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද මෙන්ම Virgin ප්ලාස්ටික් යන දෙවර්ගයම සඳහා පුළුල් පර්යේෂණ පහසුකම් සපයනු ලබයි. ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්රයේ නියැලෙන්නන්, ප්ලාස්ටික් නිෂ්පාදකයන් සහ වේගයෙන් අළෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) සන්නාමයන්හට මෙමගින් සේවාවන් රැසක් සැලසේ. ඔවුන්ගේ නිෂ්පාදන වල ගුණාත්මක බව, සුරක්ෂිත බව හා පාරිසරික වශයෙන් හිතකාමී බව පිළිබඳ ඉහළම ප්රමිතීන් GP Labs විසින් සහතික කෙරේ.
කොළඹ පිහිටා ඇති GP Labs වෙතින් සාමාන්‍ය, යාන්ත්‍රික මෙන්ම තාප හා රසායනික පර්යේෂණ ආදී පුළුල් පරාසයක සේවාවන් සම්පාදනය කරනු ලබයි. ඒ සඳහා tensile strength ^ASTM D638&" melt flow rate ^ASTM D1238&" ash content" color analysis සහ oxidation induction time වැනි පරීක්ෂණද ඇතුලත් වේ. මෙහිදී pellets හෝ flakes මෙන්ම නිමි භාණ්ඩ ආකාරයෙන් ඇති PET" HDPE" LDPE" PP"PVC සහ PS වැනි ප්ලාස්ටික් වර්ග පරීක්ෂණයට ලක්කිරීම සඳහා අංගසම්පූර්ණ පහසුකම් මෙහි දී ලබාගත හැකිය.
ප්ලාස්ටික් සම්බන්ධ පරීක්ෂණයන්ට අමතරව GP Labs විසින් ගෘහස්ථ වායු පරික්ෂාවන්, නිෂ්පාදන කටයුතු සඳහා ජල පරික්ෂාවන් ඇතුළු පාරිසරික අධීක්ෂණ සේවාවන් සපයනු ලබයි. ආරක්ෂාකාරී හා තිරසර නිෂ්පාදන මෙහෙයුම් පවත්වාගෙන යන ආයතන සඳහා එය වැදගත් සේවාවකි.
GP Labs විසින් මෙම නිෂ්පාදන අංශ වෙත නම්‍යශීලී සේවා පැකේජයන් කිහිපයක්ම පිරිනමනු ලබයි.
GP පර්යේෂණ තක්සේරු : ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් සඳහා පූර්ණ spectrum test පැකේජය
තනිපරීක්ෂණ : ද්‍රව්‍ය වර්ග හෝ අවශ්‍යතාව මත පදනම්ව සිදුකරන පරීක්ෂණ
පාරිසරික අධීක්ෂණය : කර්මාන්ත පරිසරවල වාතය, ජලය මෙන්ම විමෝචන තත්වයන් සඳහා වන පරීක්ෂණ
සාමාන්‍ය සේවාවන් : පර්යේෂණ හා සංවර්ධන මෙන්ම නවෝත්පාදන සඳහා සකස් කල විසඳුම්
වේගවත් සේවාවන් පිරිනැමීම, ක්ෂණික ඩිජිටල් වාර්තා සැකසීම මෙන්ම ලාභදායී පැකේජයන් හඳුන්වාදීම තුලින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදන සැකසුම් ක්‍රියාවලියේ ප්‍රමිතිය ඉහළ නැංවීම GP Labs හි අරමුණයි. එතුලින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සමස්ත කර්මාන්තයේම වර්ධනයට ඉඩ සැලසෙනු ඇත. GP Labs ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ සහ නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා විශාල ඉදිරි පියවරක් බව ඨඡ GP Certified හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී යුගන්ත පෙරේරා මහතා සඳහන් කළේය.
”එය ගුණාත්මකභාවය ඉහළ නැංවීම පමණක් නොව දේශීය හා ගෝලීය වෙළෙඳපොල සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වල විශ්වාසනීයත්වය ද තහවුරු කරනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ෂේත්රයේ වටිනාකම් ඉහළ නැංවීමට හා වැඩිදියුණු කිරීමට සූදානම් වන ප්‍රතිචක්‍රීකරණකරුවන්,නිෂ්පාදකයන් මෙන්ම අපනයනකරුවන් සඳහා GP Labs දැන් විවෘතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                