ශ්‍රී ලංකාවේ ප්‍රථම නවෝත්පාදන දිස්ත්‍රික්කය Hatch එළිදක්වයි
Hatch ආයතනය, රටේ පළමු වැනි නවෝත්පාදන දිස්ත්‍රික්කය කොළඹ 01 හි නිර්මාණය කිරීමේ දැවැන්තම මුලපිරීම ඉදිරියට ගෙන යමින් සිටී. මෙම අදහස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ප්‍රථම වරට 2025 මාර්තු මාසයේ පැවති Startup Nation 2025 වැඩසටහනේ දී සිදු කළ අතර, 2025 ඔක්තෝබර් 01 වැනි දින පැවති සමාප්ති උත්සවයේ දී ද එය නැවත ප්‍රකාශයට පත් කරන ලදී. මෙය, Hatch නවෝත්පාදන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනයේ අනාගතය හැඩගස්වා ගත හැකි ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස ස්ථානගත කරයි.
2018 වසරේ ආරම්භ කළ දා සිට, එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කිරීම තුළින් නවෝත්පාදනයන් බිහිවන බවත්, ආර්ථික වර්ධනය සඳහා ව්‍යවසායකයින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් Hatch හි විශ්වාසයයි. පසුගිය වසර හත තුළ, එය ආරම්භක ව්‍යාපාර සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, ව්‍යාපාරික අවස්ථා, ජාත්‍යන්තර සම්බන්ධතා සහ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අදහස් වර්ධනය කර සාර්ථක වීමට ආරක්ෂිත පරිසරයක් සපයයි.
අද වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ව්‍යවසායකයින්ගෙන් බහුතරයකට Hatch හි විවිධ වැඩසටහන් සහ සේවාවන් මඟින් ධනාත්මක ප්රතිලාභ ලබා ගැනීමට හැකිව තිබේ. ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත Hatch නවෝත්පාදන දිස්ත්‍රික්කය, Hatch හි ගමන්මඟේ මීළඟ ප්‍රධාන පියවර වන අතර එය 2027 වන විට ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, නිර්මාණකරුවන් සහ නවෝත්පාදන ප්රමුඛ ව්‍යාපාර ඇතුළු ව්‍යාපාර 3,000කට අධික සංඛ්‍යාවකට සහාය වීම අරමුණු කර ඇත. කොළඹ 01 හි පිහිටා ඇති මෙය, සහයෝගයෙන් වැඩ කළ හැකි කාර්යාල අවකාශයන්, නිෂ්පාදන මැදිරි, ආයතනික නවෝත්පාදන වැඩසටහන්, විවේකාගාර, රැස්වීම් කාමර මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කරුවන් සඳහා පහසුකම් රැසක් සපයනු ඇත. මෙවැනි අරමුණුක් ඇතුව සාදන ලද පරිසරය මඟින් ආරම්භක සහ වර්ධනය වන ව්‍යාපාරවලට වේගයෙන් වර්ධනය වීමට අවශ්‍ය යටිතල පහසුකම්, සම්පත් සහ සහාය ලබා දෙනු ඇත.
සහයෝගීතාවය සහ නවෝත්පාදනය වටා ගොඩනගා ඇති නවෝත්පාදන දිස්ත්‍රික්කය, ආයතන, ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ආරම්භක ව්‍යාපාර සම්බන්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙම ජාලයට සහාය වීම සඳහා ව්‍යවසායකයින් සහ ආයෝජකයින් අතර ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වන විශේෂ නිර්මාතෘ සහ ආයෝජක සමාජයක් මෙන්ම, ව්‍යවසායකත්වයට සංස්කෘතියක් එක් කරමින් ඒ සඳහා ගැළපෙන විචිත්‍රවත් පරිසරයක් නිර්මාණය කරන නිර්මාණාත්මක කලා සහ සූපශාස්ත්‍ර අවකාශයන් ද මෙහි ඇතුළත් වේ.
Hatch මෙතෙක් අත්පත් කරගත් සාර්ථකත්වයන් එහි මීළඟ අදියර සඳහා ශක්තිමත් පදනමක් සපයයි. 23කට අධික වැඩසටහන් සංඛ්‍යාවක් සාර්ථකව අවසන් කිරීම, ආරම්භක ව්‍යාපාර 400කට අධික සංඛ්‍යාවකට සහාය වීම, Hatch සපයන පහසුකම්ගෙන් සියයට 95කට වඩා වැඩි ප්‍රමාණයක් ආරම්භක සහ ව්‍යාපාර විසින් භාවිතා කරනු ලැබීම සහ හරිත තාක්ෂණය, කෘෂි තාක්ෂණය, පිරිසිදු බලශක්තිය, මූල්‍ය තාක්ෂණය සහ AI විසඳුම්වල ප්‍රගතියක් අත්පත් කර ගැනීම එම සාර්ථකත්වයන් අතර වේ. තවද දකුණු ආසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව යන රටවල ව්‍යාප්ත කිරීමේ සැලසුම් සමඟ, Hatch ගෝලීය නවෝත්පාදන ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම ඉහළ නංවමින් සිටී.
සිය අදහස් දක්වමින් Hatch හි සම නිර්මාතෘ සහ අධ්යක්ෂ ජීවන් ඥානම් මහතා, "නවෝත්පාදන දිස්ත්‍රික්කය යනු ගොඩනැගිලි සහ පහසුකම් පමණක් නොවේ. එය ව්‍යවසායකයින්ට බල ගැන්වීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මගින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා වන ජාතික කැපවීමක්." යැයි පවසා සිටියේය.
දැනුම හා නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කළ අනාගතයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ දී, Hatch නවෝත්පාදන දිස්ත්‍රික්කය, Startup Nation 2025 විසින් ආරම්භ කරන ලද ගමන්මඟේ ඊළඟ පියවර නියෝජනය කරන අතර කලාපය සඳහා අවස්ථා සපයන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස සේවය කරයි. වැඩිදුර තොරතුරු සඳහා www.hatch.lk වෙත පිවිසෙන්න.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

