ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පස්වරුවේ කොළඹ, වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව නිල වශයෙන් ස්ථාපිත කිරීම සහ ඉංජිනේරු සභාවේ නිල කාර්යාලය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එමෙන්ම, සෑම වසරකම සැප්තැම්බර් 17 වැනි දිනය ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු විය.
ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු මහාචාර්ය ටී.එම්. පල්ලෙවත්ත, ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු පී.ඒ.ඩී.ආර්. චන්ද්‍රසිරි, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය දයන්ත එස්.විජේසේකර යන මහත්වරුන් වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව මගින් පිරිනමන ලද සහතික පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාත වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

