ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජනපති ගෝඨාභයගෙන් පැසසුම් හිමිවේ
සිය දෙදින ඉන්දීය සංචාරය නිම කරමින් යළි දිවයිනට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සහ ෆේස්බුක් සටහනක් තබමින්, එම සංචාරයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාදුන් විශිෂ්ට ආගන්තුක සත්කාරයට සිය ස්තූතිය පුදකර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලාංකේය නාමය ලෝකයේ දිග්විජය කරමින් සශ්‍රීකව ඉදිරියට යනු ඇතැයි විශ්වාස කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා එමගින් පෙන්වා දී ඇත.
එමෙන්ම, ජනාධිපතිවරයා දිවයිනට ළඟාවූ අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු පරිශ්‍රය වෙත ගොස් එහි සවිකර ඇති විශේෂ ස්කෑන් යන්ත්‍රයද නිරීක්ෂණයට ලක්කර ඇති අතර, රේගු නිලධාරීන්ගෙන් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසීමක් කර තිබේ.
කටුනායක ගුවන් තොටපුළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සිරුරුවල සඟවා ගෙන එනු ලබන රත්‍රං, මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් නීති විරෝධි ද්‍රව්‍ය ක්ෂණිකව අනාවරණය කර ගැනීම සඳහා මෙම ස්කෑන් යන්ත්‍රය භාවිත වන බව සඳහන්ය.

popular news
-
nico Monday, 02 December 2019 03:42 PM
අපේ දේ අගැඉම කොචචර හොදද. එකට මෛත්‍රී . ඔන්න වෙනස
Reply : 0 4
වැඩ කරන රටක් Thursday, 05 December 2019 04:59 AM
ජනාධිපතිට හොදට සලකන්න ඇති. පුලුවන්නම් වෙස් වලාගෙන economy ටිච්කෙට් එකක් අරගෙන ට්‍රවෙල් කරලා බලන්න. මම නිතරම යන එන කෙනෙක්, නමුත් ශ්‍රීලන්කන් ගැන පැහැදීමක් නැහැ. අපේ දේ කියල වැඩි මිලකුත් ගෙවල බල සේර්විචේ එකකුත් අරගෙන හොස්ටෙස් ලගේ ගොන් පාර්ට් බලන්න මොන මගුලකටද . pasenger welcome එකවත් වරදින්නේ නැතිව සිංහල බෂාවෙන් සමහර යට කරගන්න බැහැ. බොරු වර්නන නැතිව හදනවනම් තම හොද. අඩුම ගැනේ තමන්ගේ කියල ගුවන් යානයක් නැහැ කියල මන් අහල තියෙන්නේ.
Reply : 14 5
janahitha Thursday, 05 December 2019 12:31 PM
හැමෝම එහෙම නැහැ ගුවන් තොටේ මම වසර 10 වැඩකලා බොහොමයක් දෙනා හොඳ ළමයි වියාපාරික දැනුම පුහුණුව ඇති පිරිසක් නමුත් විදේශිකයන්ට අපි විශේෂතාවක් දැක්විය යුතුය ආගන්තුක සත්කාරය ලොවට කියාදෙන්නේ අපේ ළමයි නිසා දීර්ග ගමන් වල යෙදෙන නිසා ඔවුන්ගේ මානසික තත්වය අප සලක බැලිය යුතුය අපිද ඔවුන්ට ගරු කලයුතුය ඔවුන්ද එසේම ස්රිලන්කිකයන් ලෙස අනුග්‍රහය දක්වනු ඇත අපට නොසලකන ළමෝ ඇත්නම් ශ්‍රීලන්කන් සමාගමට පැමිණිලි කල හැකිය කෙසේ වෙතත් මේ අපේ ළමයි අපේ රටේ අපේ ආයතන අපි රැකගමු වැරදි පෙන්නා දෙමු
Reply : 0 2
Janahitha Thursday, 05 December 2019 12:38 PM
ඉතාමත් පළපුරුදු අපේම ඉංජිනේරුවන් සිටින ඉතාම දක්ෂයින්ගෙන් සමන්විත නිවැරදි තාවය උපරිම යෙන් ඇති ඉපැරණි, විදේශයන්හි උපරිම පිළිගැනීමක් ඇති බි කාණ්ඩයේ ඇගයීමක් ඇති මේ ආයතනයේ සේවකයන් පසුබාන හේතුව නම් නිරන්තරයෙන පාඩු ලබන බව කීම සර්ව අසුබවාදී දේසපාලන නායක යන්ගේ සහ ලාංකීය මගිනේ විවේචන ආදිය වෙනවා තම රටේ දෙය අගය කරමු නැති නම් අපි හැමදාමත් බිම
Reply : 0 2
janahitha Sunday, 08 December 2019 09:54 AM
සර්ව අසුබ වාදී නොවන්න මමත් ගුවන් තොටේ වැඩකලා ඔය පින්තුරයේ ඉන්න ළමය නම් ඉතාමත් නිහතමානී වැඩිහිටි අයට දෙමාපියන්ට සලකන ළමයෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

