ශ්‍රී ලංකන් කේටරින් රු.බිලියන 3.9ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි
ශ්‍රී ලංකන් කේටරින් සමාගම 2018 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 26% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව, කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රු.බිලියන 3.03 සිට රු.බිලියන 3.81 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ.
එමෙන්ම, විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශවලට අනුව කේටරින් සමාගම පෙර මූල්‍ය වසරේ මෙහෙයුම් ලාභ අනුපාතය වන 42% ට වඩා 2017/18 මූල්‍ය වසර තුළ 44% මෙහෙයුම් ලාභ අනුපාතයක් වාර්තා කර තිබේ. මෙම මූල්‍ය වසර තුළ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු.බිලියන 3.9 ක් වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 4%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සමස්ත ජාතියට මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවා සමූහයට ශක්තිමත් පවුරක් වී ඇති බවයි. පසුගිය වසරේදී කේටරින් සමාගම විශිෂ්ට කාර්ය සාධනයක් වර්තා කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
popular news
-
dhamseth Tuesday, 11 September 2018 01:55 PM
ජනාධිපතිතුමා කියනවා වගේ බල්ලෙකුටවත් කන්න බැරි කජු විකුනලද මේ ලාභය ලැබුවේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

