තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවත්, මේ තුළින් ශ්‍රී ලංකා පවුල් වෙත රැකියා 8,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ වැඩසටහනකට එක්වෙමිනි.
දෙරට අතර පවතින මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන යටිතල පහසුකම් සපයන්නකු වන Biz Plus ව්‍යාපෘතිය,ශ්‍රී ලංකාවේ විවිධ අංශ හරහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 60කට අධික ගණනකට සහාය වී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.