ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ ප්රමුඛ මුද්‍රිත මාධ්‍යවේදීන් කණ්ඩායමක් සඳහා විශේෂ චාරිකාවක් පසුගියදා සංවිධානය කළේය.
චීනය, ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන රටවල් අතරින් ප්රමුඛස්ථානයක් ගනී. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, චීන සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් තබා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රැගෙන ඇති බොහෝ පියවර අතර මෙයද එක් අවස්ථාවකි.
මෙම සංචාරක මාධ්‍ය කණ්ඩායම සංස්කෘතික වැදගත්කමකින් යුතු ස්ථාන වන ඵෙතිහාසික රංගිරි දඹුලු විහාරය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ගාල්ල ලන්දේසි බලකොටුව සහ සීගිරිය වැනි UNESCO ලෝක උරුම ස්ථාන නරඹා ඇත.
එසේම, මෙම සංචාරයට පින්නවල අලි අනාථාගාරය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, මධ්‍යම කඳුකරයේ සශ්‍රීක තේ වතු සහ කොළඹ නගරයේ සංචාරයක්ද ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය භුක්ති විඳි ඔවුන්ට ශ්‍රී ලංකාව යළි යථාතත්ත්වයට පත්ව ඇති බව සියැසින් දැකගත හැකිවූ බව ඔවුහු පවසා ඇති අතර, ශ්‍රී ලංකාව නිදහසේ කාලය ගත කිරීමට පැමිණෙන සංචාරකයන්ට කදිම ගමනාන්තයක් බවද පවසා තිබේ.