ශ්‍රී ලංකා සහ කාම්බෝජ ව්‍යාපාරිකයන්ගේ විශේෂ හමුවක් එරට සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ෆෙනොම් පෙන්හ් නගරයේදී පසුගියදා පවත්වා තිබේ.
කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා සමග එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතාද මෙම අවස්ථාවට එක්ව ඇත.
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට එහිදී පුඑල් අවධානයක් යොමුව ඇති අතර, දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතුවලදී එක්ව කටයුතු කිරීමටත්, ඇඟලුම්, මැණික් කර්මාන්ත වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.
මෙම සමුළුව අමතා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එම සමුළුව අමතා ඇත.