ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපතිවරයා ලෙස ආචාර්ය කේ.ඒ.එස් කීරගල මහතා 2018 නොවැම්බර් මස 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.
රාජ්‍ය සේවයේ පිළිගත් වෘත්තිකයෙකු හා ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ආචාර්ය කේ.ඒ.එස් කීරගල මහතා සතුව ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ හා පරිපාලන සේවයේ වසර 33කට වඩා පළපුරුද්දක් හිමි බව කියයි.
මෙම තනතුරට පත්වීමට ප්‍රථම ඔහු, මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය හෙබවීය. එමෙන්ම මීට ප්‍රථමයෙන් තරුණ කටයුතු, ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශයන්හී අතිරේක ලේකම් තනතුරු හොබවා ඇත.