වොයේජ් ශ්‍රී ලංකා 2025 සමුද්‍රීය සමුළුවට සමගාමීව, ඉන්දියාව, සෞදි අරාබිය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් පැමිණි විදේශීය ආයෝජකයින් 10දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ (15දා) කොළඹ වරාය සහ වරාය නගරය නිරීක්ෂණය කරන ලදී.
සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇති හැකියාව සහ අවස්ථා ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.සමුද්‍ර හා අක්වෙරළ, බෝට්ටු නිෂ්පාදන සේවා වැනි විවිධ ක්ෂේත්‍ර හරහා ඇති අවස්ථා පිළිබඳව නියෝජිත පිරිස ගවේෂණය කළහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) සමඟ සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් දෙවන වරට පවත්වන සමුද්‍ර හා අක්වෙරළ බෝට්ටු නිෂ්පාදන සමුළුව අද (16දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වේ. නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් මෙම සමුළුව ඉස්මතු කරයි.
සමුද්‍රීය සේවා පිළිබඳ ශ්‍රී ලංකාවේ විශේෂඥ දැනුම මෙන්ම බෝට්ටු සහ නැව් තැනීමේ කර්මාන්තවල ශ්‍රී ලංකාවේ ශක්තීන් පිළිබඳව මෙම සමුළුව අවධානය යොමු කරයි. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම පාර්ශවකරුවන් එක්රැස් කරමින්, තිරසාර භාවිතයන්, අති නවීන තාක්ෂණයන් සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම සමුළුව පහසුකම් සපයයි.
වැඩි විස්තර සඳහා www.voyagesrilanka.lk නිල වෙබ් අඩවියට පිවිසෙන්න.