වාණිජ සහ ගෘහස්ථ ගෑස් අඛණ්ඩ සැපයුම තහවුරුයි - ලාෆ්ස් ගෑස්
පවතින LPගෑස් හිඟය හමුවේ ව්‍යාපාරික හා ගෘහස්ථ පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෑස් ප්‍රමාණය අඛණ්ඩව ලබාදෙමින් ගෑස් සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම අවධාරණය කරයි.
සෞදි අරාබියේ සිදුවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව බහුජාතික බටහිර LP ගෑස් සැපයුම්කරුවන් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා වෙර දැරූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියානු රටවල්වලද ගෑස් සැපයුම අඩුවූ බවත් පවසන ලාෆ්ස් සමාගම, පාරිභෝගික ඉල්ලුම වැඩිවීමද ඊට බලපෑ බව පෙන්වා දෙයි.
ඒ අනුව, ඔක්තෝබර් 21 සිට 24 දක්වා කෙටි කාලයකට LP ගෑස් සැපයුමේ අඩුවීමට ලාෆ්ස් සමාගම මුහුණ දුන්නද, සමාගමේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම සැපයීමට සමාගම සමත් වූ බවත්, සමස්ත ගෘහස්ථ සැපයුමෙන් 35%ක් පමණ නිසි පරිදි ලබාදීමේ දුෂ්කරතාවට සමාගම මුහුණදුන් බවත් කියයි.
කෙසේ වෙතත්, මේ වනවිට මෙට්‍රික් ටොන් 22,000ක් ඉක්මවූ ගෑස් තොග ආනයනය අරඹා ඉදිරි මාස 4 සහ ඉන් ඔබ්බට ඇස්තමේන්තු කළ ඉල්ලුම හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බවත්, පසුගිය 26දා සිට පාරිභෝගිකයන්ගේ වැඩිවුණු ඉල්ලුම සඳහා දෙගුණයක සැපයුමක් ලබාදීමට ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගමට හැකි වූ බවත් පෙන්වා දෙයි.
එමෙන්ම, මේ අවස්ථවේදී අධි ඉල්ලුම සැපයීමට පැය 24 පුරා සමාගමේ පිරවුම් පර්යන්ත ක්‍රියාත්මක බවත්, පාරිභෝගික ඉල්ලුම අඛණ්ඩව සපුරාලිය හැකි තොග පවතින බව තහවුරු කරන බවත් ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

