ව්‍යාපාරික සේවා වඩාත් පහසු කරන ක්ලවුඩ් තාක්ෂණික සේවා පිවිසුමක්
ක්ලවුඩ් (cloud) තාක්ෂණික සේවාව පුළුල් කිරීම ඔස්සේ පාරිභෝගිකයන්ට සිය දත්ත ගබඩා කිරීම, භාවිත කිරීම, හුවමාරු කිරීම සහ ආරක්ෂා කිරීමට අදාළ ප්රතිලාභ රැසක් අත්පත් කරගැනීමේ හැකියාව හිමිවන බව ඩෙල් ටෙකිනොලොජීස් සමාගම පවසයි.
ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ විප්ලවීය පරිවර්තනයක් සිදුකරමින්, ව්‍යාපාරික සේවා වඩාත් පහසු කරන මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී සංවිධානය වු අතර, එම අවස්ථාවට ඩෙල් ටෙක්නොලොජීස් සමාගමේ නැගීඑන වෙළෙඳ පොළ සහ දකුණු ආසියානු පාරිභෝගීක ව්‍යාපාර අංශයේ (Asia Emerging Markets and South Asia Consumer Business, Dell Technologies) උපසභාපති අනොතායි වෙට්ටයොකොන්, ඩෙල් ටෙක්නොලොජීස් හි ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහනට ප්‍රධාන අනුග්‍රාහකත්වය ඩෙල් ටෙක්නොලොජීස් හි පාර්ශ්වකරුවන් වන Pinnacle Distribution Lanka සහ REDINGTON SL විසින් ලබාදෙන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

