වෙළෙඳ පොළේ පවතින ගෑස් හිඟය තවත් දින කිහිපයක් පවතිනු ඇති බව වෙළෙඳ පොළ අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වෙයි.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සැපිරීම සඳහා දිවයිනේ ගෑස් බෙදාහැරීම සිදුකරන ප්‍රධාන සමාගම් දෙක සතුවම මේ වනවිට ප්‍රමාණවත් ගෑස් සැපයුමක් සිදුකිරීම සඳහා ගෑස් තොගවල හිඟයක් පවතින බවද වාර්තා වෙයි.
විශේෂයෙන්ම, පසුගිය සතියේ සිට පැවති ගෑස් හිඟය හේතුවෙන් තමන් සතුව පවතින පාවිච්චියට නොගන්නා ගෑස් ටැංකි පවා රැගෙන විත්, පාරිභෝගිකයන් යුහුසුළුව ගෑස් රැස්කිරීම නිසා ඉල්ලුම වැඩිවීමෙන් මෙම අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇති බවද දැනගන්නට ලැබෙයි.
ඒ අනුව, මේ වනවිටත් ඔවුන් වෙත ලැබෙමින් පවතින ගෑස් තොග ශ්‍රී ලංකාව වෙත පැමිණ ඒවා නැවත බෙදාහැරීම් ඇරඹෙන විට තවත් දින කිහිපයක් ගතවනු ඇති අතර, දිවයිනේ ගෑස් සැපයුම යථාතත්ත්වයට පත්වීමට තවත් සතියකට වැඩි කාලයක් ගතවිය හැකි බවද වෙළෙඳ පොළ අභ්‍යන්තර තොරතුරුවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.