වසරක ජයග්‍රහණ අභිමානයෙන් සැමරූ Arpico Mattress Achievers Night 2025
ශ්‍රී ලංකාවේ මෙට්ට ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන Arpico සංවිධානය කළ ‘Arpico Mattress Achievers Night 2025’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ.
Arpico විසින් වසර තුළ අත්කරගන්නා ලද ජයග්‍රහණවල සතුට එහි ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදාගැනීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය.
ඉහළම අලෙවියක් වාර්තා කරන විශිෂ්ටයන්ට සම්මාන පිරිනමන Arpico Mattress Achievers Night සම්මාන උළෙල, Arpico වාර්ෂික වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහනකි. මෙවර සම්මාන උළෙල Cinnamon Life at City of Dreams හිදී පැවැත්වුණු අතර, එහිදී සමාගමේ අලෙවි නියෝජිතයන් 150 දෙනෙක් විවිධ කාණ්ඩ යටතේ ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානවලින් පිදුම් ලැබූහ. තමන්ට අදාළ විකිණුම් බලප්‍රදේශ තුළ ඉහළම විකුණුම් සහ ආදායම් වාර්තා කළ විශිෂ්ටයන්ට මෙලෙස සම්මාන හිමි විය. එමෙන්ම මෙහිදී පාරිභෝගික සේවාවේ විශිෂ්ටත්වය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකරන ලදි.
මෙම වසරේ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන්ට සම්මානවලට අමතරව විදේශ සංචාරද හිමි විය. විකුණුම් කාණ්ඩවල ලෝකඩ සම්මානලාභීන්ට මැලේසියා හෝ බැංකොක් සංචාර පිරිනමන ලද අතර, රිදී සම්මානලාභීන්ට බැංකොක්, පතායා සහ ඩුබායි සංචාර පිරිනමන ලදී. රන් කාණ්ඩයේ සම්මානලාභීන්ට පිලිපීන සංචාර හිමි වූ අතර, ප්ලැටිනම් සම්මානලාභීන්ට ඔස්ට්‍රියාව, හංගේරියාව සහ ඩුබායි වෙත සංචාර හිමි විය.
“අප විසින් නිරන්තරයෙන් වෙළඳපොළට හඳුන්වා දෙනු ලබන අලුත් නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කරවීම සඳහා අපගේ හවුල්කරුවන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර කෙතරම්ද වැදගත්ද යන්න අප හොඳින් දන්නවා. එම මෙහෙවර අපගේ ඇගයීමට ලක් විය යුතුමයි. මෙම සම්මාන ඔවුන්ගේ දායකත්වයට ලැබෙන ඇගයීමක් මෙන්ම, මෙම හවුල්කාරීත්වයන් අපට කෙතරම් වැදගත්ද යන්න මැනැවින් පිළිබිඹු කරන සාධකයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” යැයි Richard Pieris and Company PLC හි අධ්යක්ෂ විවිල් පෙරේරා මහතා පැවසීය.
Arpico Mattress Achievers Night 2025 සම්මාන උළෙල විශිෂ්ටයන් ඇගයීමට අමතරව, 2025 වසර පුරා Arpico අත්කරගත් ප්‍රගතිය සමාලෝචනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක්ද විය. මෑතකදී ඇමරිකානු තාක්ෂණයෙන් නිෂ්පාදිත ලොව පිළිගත් ‘Englander International’ මෙට්ට මෙන්ම, සුවිශේෂී තාක්ෂණයක් වන Air cooling pocket සහිත සුවිශේෂී මෙට්ට වර්ගයක් වන ‘Arpico NextGen’ මෙට්ට මෙරට වෙළඳපොළට හඳුන්වා දීමටද Arpico කටයුතු කළේය. මේ ආකාරයට මෙරට වෙළඳපොළට ගැළපෙන නවීනතම තාක්ෂණයන්ගෙන් යුත් ජාත්‍යන්තර තත්වයේ නිෂ්පාදන නිරන්තරයෙන් මෙරටට හඳුන්වා දීමට Arpico සෑම විටම කැප වී සිටී.
“අපගේ සභාපති, කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ මගපෙන්වීම යටතේ, ක්ෂේත්රය තුළ පවතින අනාගත අවස්ථා සහ හැකියාවන් මැනැවින් හඳුනාගැනීමට අපට හැකි වී තිබෙනවා. එතුමන්ගේ දූරදර්ශී නායකත්වය ඔස්සේ නවීනතම තාක්ෂණික නවෝත්පාදන භාවිතයට ගනිමින්, අපගේ නිෂ්පාදන එකතුව නවීකරණය කරමින් සහ නව නිෂ්පාදන හඳුන්වා දෙමින් වෙළඳපොළ ජයගැනීම අපගේ අරමුණයි.” Richard Pieris & Company PLC හි ෆෝම් නිෂ්පාදන අංශයේ කළමනාකාර අධ්යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසීය.
Arpitech (පුද්.) සමාගම යනු පොලියුරතීන් ෆෝම් සහ ස්ප්‍රින් මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් සහ සිලිකනයිස්ඩ් ෆයිබර් කොට්ට වැනි නිෂ්පාදන සම්බන්ධ පුරෝගාමියෙකු වන, දශක ගණනාවක ඉතිහාසයක් හිමි සමාගමකි. ISO 9001-2015 සහතිකකරණය හිමි Arpico සිය ජනප්‍රියතම නිෂ්පාදන එකතුවක් වන Arpifoam මෙට්ට නිපදවීමේදී SLS ප්‍රමිති නිර්ණායකවලට අනුකූලව කටයුතු කරයි. Arpitech (පුද්.) සමාගම පන්නරය ලබනුයේ, එහි මවු සමාගම වන Richard Pieris & Company PLC හි දශක 9කට අධික ඉතිහාසය තුළිනි. 1932 වසරේදී එක් ඉන්ධන පිරවුම් හලකින් ආරම්භ වූ රිචඩ් පීරිස් සහ සමාගම, ඉන් පසුව දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගනිමින් මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් බවට පත් විය. මේ වනවිට එම සමූහය පාරිභෝගික වෙළඳාම්, වැවිලි කර්මාන්ත, රබර්, ගෘහ භාණ්ඩ, ටයර්, ප්ලාස්ටික්, රක්ෂණ සේවා, කොටස් තැරැව්කරණය, මුල්‍ය සේවා හා කාර්ය සම්පාදන ඇතුළු ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විශාලතම සමාගම් අතරින් එකක් වන එය, ඉතා ඉහළ වාර්ෂික පිරිවැටුමක් සහිත සමූහ ව්‍යාපාරයක්ද වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                