වරාය නීතිය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ධාරිතාවය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් වෙත ඇමෙරිකානු සහාය හිමිව තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේනීති විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නීති සංවර්ධන වැඩසටහන (CLDP) හරහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සැප්තැම්බර් 8-10 දක්වා කොළඹදී විශේෂිත වැඩමුළුවක් පවත්වමින් මෙම සහයෝගය ලබාදී ඇත.
විනිවිදභාවය, වගවීම සහ මහජන අවශ්‍යතා ආරක්ෂා කිරීම අවධාරණය කරමින් රජයන් සහ පෞද්ගලික සමාගම් අතර ගිවිසුම් ව්‍යුහගත කර ඇති ආකාරය පාලනය කරන නීතිමය රාමුව වන අනුග්‍රාහක නීතිය (concession law) පිළිබඳ තාක්ෂණික පුහුණුවක්ද මීට ඇතුළත් විය. අනාගත යටිතල පහසුකම් ව්‍යාපෘති ශ්‍රී ලාංකේය ජනතාවට දිගුකාලීන ප්රතිලාභ ලබාදෙන බව සහතික කරමින්ද සාධාරණ හා විවෘත වාණිජ භාවිතයන් ප්‍රවර්ධනය කරමින්ද, ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආයතනවලට සහාය වීම සඳහා වන එක්සත් ජනපදයේ කැපවීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය වැඩමුළුවේ අන්‍යෝන්‍ය ප්රතිලාභ අගය කරමින් මෙසේ පැවසුවාය. "ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් ලෙස, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව, ආරක්ෂාව සුරක්ෂිත කිරීමට සහ වාණිජ්‍යය විවෘතව තබා ගැනීමට උරෙනුර ගැටී කටයුතු කරනවා. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් එම උත්සාහයේ ප්‍රධාන අංගයකි. ඒවා ආර්ථික වර්ධනයට සහ ජාතික සංවර්ධනයට සහාය වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට උදව් කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් සහ අනුග්‍රාහක ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ප්රතිලාභ ගෙන එන බව තහවුරු කරමින්,මෙම වැඩමුළුව ශ්‍රී ලංකාවේ විශේෂඥයින් ජාත්‍යන්තර යහපරිචයන් සහ උගත් පාඩම්වලින් සන්නද්ධ කරනවා. ශක්තිමත් නීතිරාමු ඇමෙරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට විශ්වාසයක් ගෙනදෙන අතර, එක්සත් ජනපදයට සහ අනෙකුත් හවුල්කරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රගතියට දායක වීමට අවස්ථා නිර්මාණය කරනවා. අද අපි එක්ව ගොඩනඟන දේ හෙට දවසේ සාමුහික ආරක්ෂාව සඳහා පදනමයි."