එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකාවට සහාය පළ කරමින්, ඔස්ට්‍රේලියාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අත්‍යවශ්‍ය වෙරළබඩ පිරිසිදු කිරීමේ උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් එම උපකරණ ජුනි මස 16දා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහඳපුර මහත්මියට භාරදී ඇත.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පැවසුවේ, නෞකාවේ සිද්ධියෙන් මතුවූ අභියෝගාත්මක තත්ත්වය ඔස්ට්‍රේලියාව වටහාගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවයි.
ඉන්දීය සාගරයේ අසල්වැසියන් ලෙස ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය සමුද්‍රීය ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බවත්, පිරිසිදු කිරීමේ උපකරණවලට රු.මිලියන 20ක් පමණ වටිනා ශරීර ආරක්ෂණ ආවරණ 11,000ක්, අත්වැසුම් 1,000ක් (ඔස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතය), මුහුණු ආවරණ 30,000ක්, ඇස් කණ්ණාඩි 200ක්, ආරක්ෂිත පාවහන් යුගල 300ක් සහ හිස්වැසුම් 200ක් ඇතුළත් බව කියයි.