ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන් එක්දහස් පන්සීයක් (1,500ක්) ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සුහුරුලිය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාවට නංවා ඇත.
ව්‍යවසායිකාවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීමෙන් ඔවුන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්රතිලාභ ලබාගැනීම සඳහා අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියෙහි එක් අරමුණක් බව නියෝජිතායතනය පවසයි.
මෙම ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩමුළු දිවයිනේ දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකෙරෙන අතර, මේ වනවිට අනුරාධපුරය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මෙම වැඩමුළු පවත්වා අවසන් කර ඇති බවත්, මෙහි තෙවැන්න අම්පාර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව ඇති බවත් නියෝජිතායතනය පෙන්වා දෙයි.
මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිය ව්‍යාපාර ප්‍රවර්ධනය කරගැනීම සඳහා ව්‍යවසායිකාවන්ට ෆේස්බුක් පිටුවක්ද නිර්මාණය කර දෙන අතර, වැඩමුළුව සාර්ථකව අවසන් කරන ඔවුන් සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ සහතික පතක්ද නිකුත් කෙරෙන බව නියෝජිතායතනය පවසයි.
මෙම පුහුණු වැඩමුළුවෙන් පසු පුහුණුලාභී ව්‍යවසායිකාවන්ට තොරතුරු තාක්ෂණය වඩාත් ඵලදායී ලෙස තම ව්‍යාපාර සාර්ථකත්වය සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීම කාන්තා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන බවත්, ඒ සඳහා වන මඟපෙන්වීම තම ආයතනය මගින් අඛණ්ඩව සිදුකරන බවත් නියෝජිතායතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.