ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල අඩුව තිබියදීත් පෙට්‍රල් ඉහළට
ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල අඩුව තිබියදීත් ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියෙහි සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.3කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ඉන්ධන මිල ගණන් අනුව 2019 මැයි මස 10දා, එනම් පසුගිය මාසයේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූ දින ලෝක වෙළෙඳ පොළෙහි Brent බොරතෙල් බැරලයක මිල සඳහන් වූයේ ඇ.ඩො.70.85ක් ලෙසිනි. එහි OPEC බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.69.66ක් ලෙස දැක්වුණි. එසේම සිංගප්පූරු වෙළෙඳ පොළෙහි පිරිපහදු කළ පෙට්‍රල් බැරලයක මිල ඇ.ඩො.72.60ක් ලෙසත්, ඩීසල් බැරලයක මිල 80.54ක් ලෙසත්, භූමිතෙල් බැරලයක මිල 81.34ක් ලෙසත් සටහන් විය.
ඒ අයුරින්ම, මෙම මස ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූ ඊයේ (2019 ජූනි මස 10දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ඉන්ධන මිල ගණන් අනුව Brent බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇ.ඩො.63.37ක් ලෙසිනි. එහි, OPEC බැරලයක මිල ඇ.ඩො.60.88ක් ලෙස සටහන් විය. මීට අමතරව, සිංගප්පූරු වෙළෙඳ පොළෙහි පිරිපහදු කළ පෙට්‍රල් බැරලයක මිල ඇ.ඩො.65.20ක් ලෙසත්, ඩීසල් බැරලයක මිල 71.23ක් ලෙසත්, භූමිතෙල් බැරලයක මිල 73.06ක් ලෙසත් සටහන් විය.
මේ ආකාරයෙන් මසක් තුළ Brent සහ OPEC බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.7.48 සිට 8.78 ක් දක්වා අගයකින් අඩුවී තිබියදීත්, සිංගප්පූරු වෙළෙඳ පොළෙහි පිරිපහදු කළ පෙට්‍රල් බැරලයක මිල ඇ.ඩො.7.40කින් අඩුව තිබියදීත් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10දා) රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු.3කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත.
popular news
-
ලයනල් Friday, 14 June 2019 04:29 PM
ලෝක තෙල් මිල අඩුවුනත් වැඩිවුනත් තෙල් මිල මාසිකව වැඩි කරන පර වැඩේට උන් කියන නම 'මිල සුත්‍රය' මුගේ මෙම ගොන් කතා අහන අපිට කියන නම මොකක්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

