ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ප්රචණ්ඩත්වය දැනුවත් කෙරේ
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්රියාකාරීත්වයේ දින 16 යනු සෑම වසරකම නොවැම්බර් 25දා සිට දෙසැම්බර් 10දා දක්වා පැවැත්වෙන ගෝලීය ව්‍යාපාරයකි. එය කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ආරම්භ වී මානව හිමිකම් දිනයෙන් අවසන් වේ. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා දැනුවත්භාවය ඉහළ නැංවීම සහ සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹවීම මෙහි අරමුණයි.
මෙම වසරේදී, මෙම ව්‍යාපාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), එහි ප්‍රධාන හවුල්කරුවන් සමඟින්, සිය ප්‍රධාන ව්‍යාපෘති වැඩසටහන් හරහා දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සම්පූර්ණයෙන්ම නව සහ අද්විතීය ක්‍රමයක් භාවිතා කරයි. ‘Through Her Eyes, ඇගේ දෑසින්, அவளின்பார்வையில்’ යනු වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ නිර්මාණාත්මක හඬ කැවීම් ඒකාබද්ධ කරමින් විවිධ මාධ්‍යයන් ඔස්සේ ‘සාරා’ නම් වින්දිතකාන්තාව යුක්තිය සොයා යන කම්පන සහගත ගමන කථාන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කිරීමකි.
'ඇගේ දෑසින්’ නම් වූ මෙම වැඩසටහන UNDP ශ්‍රී ලංකා හි ව්‍යාපෘති තුනකට සමගාමීව ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘති අතර කැනඩා රජය විසින් අරමුදල් සපයන සහ UNFPA ශ්‍රී ලංකා සමඟ එක්ව ක්‍රියාත්මක කරන 'ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයේ වින්දිතයන් හාහිංසනයෙන්මිදීආඅය සඳහා යුක්තිමගවිවරකරදීම ව්‍යාපෘතිය’, යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, අධිකරණ අමාත්‍යාංශය සහ UNICEF ශ්‍රී ලංකා එක්ව ක්‍රියාත්මක කරන 'යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය’ (JURE) සහ ඩෙන්මාර්කය, ලක්සම්බර්ග් සහ කොරියානු ජනරජයේ රජයන්ගේ අරමුදල් සහිතව UNDP හි අරමුදල් වැඩසටහන් හරහා සහාය දක්වන, ‘සාමය සඳහා නව න්‍යාය පත්‍රය සඳහා ක්‍රියාමාර්ග සහ අපේක්ෂාව’(AAA) යන ව්‍යාපෘති ඇතුළත් වේ.
‘Through Her Eyes, ඇගේදෑසින්, அவளின்பார்வையில்’ ප්‍රදර්ශනය දෙසැම්බර් 02 වැනි දින සිට 07 වැනි දින දක්වා පෙ.ව.10.00 සිට ප.ව. 7.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මහජනතාව සඳහා විවෘතව පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

