ලක්ෂ්යමය උද්ධමනය සියයට 7ක් දක්වා පහළට
- 22 04 2020
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති 8.1% සිට මාර්තු මාසයේදී 7% දක්වා පහළ ගොස් තිබේ.
ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික පහළ යෑම මේ සඳහා හේතු වී ඇති අතර, පෙබරවාරි මාසයේදී 16.3%හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය පෙබරවාරියේදී 14.1% දක්වා පහළ ගොස් ඇත. එමෙන්ම ආහාර නොවන කාණ්ඩයෙහි මාර්තු මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 1.8%ක් විය.
එමෙන්ම වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 පෙබරවාරි මාසයේ පැවති 4.5% සිට මාර්තු මාසයේදී 4.9% දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
