ලෝක සමාජ මාධ්‍ය දිනය ජුනි 30දා සැමරුණු අතර, මේ වෙනුවෙන් පසුගිය 24දා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් වෙබ් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍යවල කටයුතු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩමුළුවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සංවිධානය කර තිබුණි.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා පවසා සිටියේ, වර්තමානයේ සමාජ මාධ්‍ය ජනප්‍රිය මෙවලමක් බවට පත්ව ඇති බවයි. මේ අතර, අනාගතයේදී ජනතාවට සේවය කරන තොරතුරු පද්ධතිවලට එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට සයිබර් ආරක්ෂණ නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා පවසා සිටියේය.