එක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න වීම නිසා ලෝක වෙළෙඳ පොළෙහි රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, රන් අවුන්සයක මිල ඇ.ඩො.1,522ක් ලෙස වසර 6කින් පසුව ඉහළම අගයට පැමිණ ඇති බවත්, මෙම අගයන් තවදුරටත් ඉහළ යා හැකි බවත් වෙළෙඳ පොළ තතු පෙන්වා දෙයි.
එනමුදු, ලෝකයේ රන් වෙළෙඳ පොළෙන් 60%ක් නියෝජනය කරන ඉන්දියාව සහ චීනයේ රන් මිලදී ගැනීම් මේ වනවිට පහළ වැටී ඇති බවද සඳහන් වෙයි.
විශේෂයෙන්, ඉන්දියාව රන් සඳහා ආනයන බද්ද 10% සිට 12.5% දක්වා ඉහළ දැමීම නිසා රන් ආනයනය අඩුවී ඇති අතර, රන් මිලද 6%කින් ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.