ලංකා වාණිජ මණ්ඩලයේ 187 වැනි සභාපති ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර යළිත්
- 1 07 2026
- 11:05
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංවිධානයක් වන ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon Chamber of Commerce) 187 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය ජූනි 25දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී 2026/27 වර්ෂය සඳහා වන නව සභාපතිවරයා ලෙස ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඒකමතිකව නැවත තේරී පත් විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
ලංකා වාණිජ මණ්ඩලයේ ඉදිරි දැක්ම මෙහෙයවීම සඳහා ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් පිරිසක් නව නිලධාරී මණ්ඩලයට සහ අධ්යක්ෂ මණ්ඩලයට තේරී පත්ව සිටිති.
- සභාපති : ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා (සභාපති - ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී)
- උප සභාපති : බිංගුමාල් තේවරතන්ත්‍රි මහතා (ප්‍රධාන විධායක නිලධාරී - ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, ශ්‍රී ලංකා)
- නියෝජ්‍ය උප සභාපති : විනෝද් හිරිදරමානි මහතා (සභාපති - හිරිදරමානි සමූහ ව්‍යාපාරය)
අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්
- ජයන්ති ධර්මසේන මහත්මිය (කළමනාකාර අධ්යක්ෂ - හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ග්ස්)
- කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී - 5Hour ඉන්ටර්නැෂනල් කෝපරේෂන්, සිංගප්පූරුව)
- ශිබානි තම්බයියා මහත්මිය (කළමනාකාර අධ්යක්ෂ - රෙනූකා හොටෙල්ස් පීඑල්සී)
- සුපුන් වීරසිංහ මහතා (අධ්යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී - ඩයලොග් ආසිආටා පීඑල්සී)
- ශිරාන් ප්‍රනාන්දු මහතා (මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී)
- රෝහණ දිසානායක මහතා (සමූහ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ - ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි) - විදේශගත වූ නෙස්ලේ ලංකා හි බර්න්හාඩ් ස්ටෙෆාන් මහතා වෙනුවට පත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
