අඛණ්ඩව අට වැනි මාසයටත් ආනයන වියදම් ඇ.ඩො.මිලියන 1,400ක් දක්වා ජුනි මාසයේදී පහළ යෑම සඳහා පාරිභෝගික භාණ්ඩ, ආයෝජන භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ යන ප්රධාන කාණ්ඩ තුනම දායක වී තිබේ.
විශේෂයෙන්ම, පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන ඇතුළු සියලුම ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති කාණ්ඩවල අනායන පහළ යෑම ජුනි මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 39.4%කින් පහළ යෑමට බලපා තිබේ.
පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන ආනයනය අඛණ්ඩව අඩුවීම, දෙමුහුන් හා විද්යුත් රථවාහන සහ සිලින්ඩර ධාරිතාව 1,000ට අඩු රථවාහන ආනයන මත 2019 මාර්තු මාසයේදී නිෂ්පාදන බදු ඉහළ දැමීමේ බලපෑමද පිළිබිඹු කර තිබේ.