රාජ්ය ආයතන සතු වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන කර පවත්වාගෙන යෑම එම ආයතන සතු වගකීමක් බව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.
රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඇතැම් රාජ්ය ආයතන සතු වෙබ් අඩවි වල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇත්තේ මන්දැයි කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.