යුරෝපය තුළ ඉදිරියේදී එළි දකින විදුලි මෝටර් රථ සාමාන්‍ය මෝටර් රථයක් ආකාරයෙන් හඬක් නැගෙන ආකාරයට නිපදවිය යුතු බවට යුරෝපා සංගමය නව නීතියක් පනවා තිබේ.
මෙම නව නීතිය ජූලි 01දා සිට ක්‍රියාත්මක වන අතර, විදුලි මෝටර් රථ සහ වෑන් රථ කිසිදු හඬක් නොනගා ගමන් කරද්දී, එවැනි රථයක් පැමිණෙන බව මහමඟ ගමන් කරන මගීන්ට නොදැනෙන බැවින් ඇතිවන අවදානම මෙම නව නීතියට හේතු වී ඇත.
ඒ අනුව, ඉදිරියේදී නිෂ්පාදනය කරන ඕනෑම ආකාරයක රෝද හතරේ විදුලි මෝටර් රථයක් හෝ වෑන් රථයක් සාමාන්‍ය එන්ජිමක් සහිත වාහනයක් ආකාරයෙන් හඬක් උපදවන උපාංගයක් සමග නිෂ්පාදනය කිරීම අනිවාර්යය වෙයි.
Acoustic vehicle alert system (Avas) ලෙස හැඳින්වෙන මෙම උපාංගය එවැනි මෝටර් රථයක් පැයට කිලෝමීටර් 19කට අඩු වේගයකින් ගමන් කිරීමේදී සහ ආපස්සට ගැනීමේදී අනිවාර්යයෙන්ම සාමාන්‍ය මෝටර් රථයක හඬක් නිකුත් කළ යුතුය.