යාපනය මුට්ට්‍රවේලි පිටියේ දී පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා තුන් වැනි ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය නිමා වනවිට ලක්ෂ තුනකට අධික ජනතාවක් එය නැරඹීම සඳහා පැමිණි බව මුදල් අමාත්‍යාංශය පවසයි.
විශේෂයෙන්ම සති අන්ත දින දෙක තුළ අධික ජන සහභාගීත්වයක් තිබුණු බවත්, තුන් වැනි දිනය වූ ඊයේ (09දා) දිනයේද පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී වූ බවත් අමාත්‍යාංශය පවසයි.
එහිදී, ප්‍රදර්ශනයේ ප්‍රධානතම කලාපය වන ව්‍යවසායකත්ව කලාපය වෙත ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පැවති බවත්, තුන් වැනි දිනය නිමා වනවිට එම කලාපය තුළ ඇති රාජ්‍ය බැංකු මගින් සිය ව්‍යාපාර අපේක්ෂාවන් මල්ඵල ගන්වා ගැනීමේ අරමුණෙන් පොලී සහන ණය ලබා ගැනීම සඳහා 2,000කට ආසන්න පිරිසක් මූලික ලියාපදිංචිය ලබාගෙන තිබූ බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ප්‍රදර්ශනයේ හතර වැනි සහ අවසන් අද (10දා) වන අතර, මුදල් රාජ්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.