යූනියන් පෙදෙස කාමර 112ක නව හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්.) සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර පසුගියදා ගිවිසුම් අත්සන් කර තිබේ.
ඇ.ඩො.මිලියන 9.28ක ආයෝජන වටිනාකමක් සහිත මෙම ව්‍යාපෘතිය හරහා නව රැකියා අවස්ථා 60ක් නිර්මාණය වන බව සමාගම කියා සිටියි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා සහ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගමේ විධායක අධ්යක්ෂ රෝහන වන්නිගම යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කළහ.
තරු 1 කාණ්ඩයේ ව්‍යාපාරික හෝටලයක් ලෙස මෙම හෝටලය ඉදිවන බවත්, මේ සඳහා තවත් ජාත්‍යන්තර හෝටල් මෙහෙයුම්කරුවෙකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.