මුදල් රාජ්‍ය ඇමති හා චීන තානාපති අතර සාකච්ඡා
චීනයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා, මුදල්, ප්‍රාග්ධණ වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මහ බැංකු අධිපති අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරුන් හමුවී ඊයේ (15දා) සාකච්ඡා පවත්වා තිබේ.
චීනයේ දේශපාලන මණ්ඩල සභික හා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්යක්ෂ යැං ජීචි මහතා සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.
ඒ අනුව මෑතකදී පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී හඳුනාගත් සහ ක්‍රියාත්මක කළ යුතු මූල්‍ය උපකරණ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන්වී තිබේ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ. රත්නායක සහ මහ බැංකු සහකාර අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන්ද සහභාගී වී තිබේ. තානාපතිවරයා සමග පැවති රැස්වීමට චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලුවෝ චොං මහතාද, තෙවැනි ලේකම් ධුර ෂී ෂියාඕරු මහත්මියද සහභාගී වූහ.


popular news
-
hejima Friday, 16 October 2020 07:26 PM
Issalama gold coin piramid piya passe hejin piya Mahabanku mankolle arambaka piya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

