මුදල් ගනුදෙනු වාර්තා නීති උල්ලංඝනය කළ බැංකු 2කට හා මූල්‍ය සමාගම් 3කට දඩ
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (2) සහ 19 (1) වගන්තිය මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පැනවිය හැක. මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, රටේ මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2019 වසර තුළදී රුපියල් මිලියන 5 ක හා 2020 මැයි මස 31 දක්වා රුපියල් මිලියනයක සමස්ත දඩ මුදල් පනවන ලදී. මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වෙත පනවන ලද දණ්ඩන ප්‍රකාශයට පත් කිරීමට 2020 ජූලි මස 01 දින පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
ප්‍රධාන වශයෙන්, තෙවැනි පාර්ශ්ව තැන්පතු, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සඳහා අනුමැතිය ලබාගැනීම, සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 6 වැනි වගන්තිය යටතේ මුදල් ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය කිරීම් සඳහා දණ්ඩන පනවන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

