මාස දෙකට ඩොලරය රු.172කින් ඉහළ ගිහින්
2022 මාර්තු 07දා රු.202.99ක් වූ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල, 2022 මැයි 06දා 374.99ක් බවට පත්වෙමින්, ගෙවුණු මාස දෙකක කාලය තුළ ඩොලරයේ විකුණුම් මිල රු.172කින් ඉහළ යෑමක් හෙවත්, ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම පෙන්නුම් කරමින් තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මැයි 06දා නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.374.99ක් ලෙසත්, ඩොලරයේ ගැනුම් මිල රු.361.72ක් ලෙසත් සටහන් විය.
ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසන බවට මහ බැංකුව පසුගිය මාර්තු 07දා නිවේදනය කරද්දී ඩොලරයේ විකුණුම් මිල රු.202.99ක් ලෙසත්, ඩොලරයේ ගැනුම් මිල රු.198.50ක් ලෙසත් පැවතුණි.
මේ අතර, මැයි 06දා ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රු.468.62ක් සහ ගැනුම් මිල රු.449.34ක් ලෙසත්, ජපන් යෙන් විකුණුම් මිල රු.2.89ක් සහ ගැනුම් මිල රු.2.78ක් ලෙසත්, යූරෝ විකුණුම් මිල රු.400.96ක් සහ ගැනුම් මිල රු.385.46ක් ලෙසත් කොළඹ පිහිටි වාණිජ බැංකු සපයන ලද විදේශ ව්‍යවහාර මුදල්වල සාමාන්‍ය අනුපාතයන් දක්වමින් මහ බැංකුව නිවේදනය කර තිබේ.
මීට අමතරව, මැයි 06දා මෙරට රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු කිහිපයකම සිය දෛනික විනිමය අනුපාතිකයේදී එ.ජ.ඩොලරයක විකුණුම් හා ගැණුම් මිල රු.380.00ක් සහ 365.00ක් ලෙස දක්වා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

