මාර්ගගත ගෙවීම් සඳහා මෙරට ප්‍රථම DCC සේවාව දියත් කරයි
සංචාරක ව්‍යාපාරය ආශ්රිත ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ විදේශීය සංචාරකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීමට කොමර්ෂල් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස, බැංකුව මාස්ටර්කාඩ් එක්ව, මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මාර්ගගත ගෙවීම් සඳහා Dynamic Currency Conversion (DCC) හඳුන්වා දී ඇත. Mastercard Payment Gateway Services (MPGS) වේදිකාව හරහා සක්‍රීය කර ඇති මෙම නව DCC සේවාව මගින් ජාත්‍යන්තර බැංකු කාඩ්පත් හිමියන්ට ශ්‍රී ලාංකේය වෙළෙන්දන්ගෙන් මාර්ගගත ක්‍රමයට මිලදී ගැනීම් සහ නවාතැන්වල දී තම මව්රටේ මුදල් ඒකකයෙන් ම ගෙවීම් සිදු කිරීමට ඉඩකඩ සලසා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙලෙස මාර්ගගත ගෙවීම් සඳහා මෙම විශේෂාංගය නිර්මාණය කර ඇත්තේ, විදේශීය සංචාරකයින්ට විශ්වාසයෙන් යුතුව වෙන්කරවා ගැනීම් හා ගෙවීම් මාර්ගගතව සිදු කිරීමේ පහසුව සලසා දීමේ හැකියාව දේශීය වෙළෙන්දන්ට ලබා දී ඔවුන්ට තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා යි.
Dynamic Currency Conversion විශේෂාංගය සමඟින් Mastercard Payment Gateway Services සේවාව සක්‍රීය කිරීමෙන් විශේෂයෙන් ම සංචාරක, ආගන්තුක සත්කාර සහ නවාතැන් යන ක්ෂේත්රවල දේශීය වෙළෙන්දන්හට ගුවන් ගමන්, නවාතැන්, සහ වෙනත් අදාල සේවාවන් සඳහා වෙන් කරවා ගැනීම් සිදු කරන විට විදේශීය ගනුදෙනුකරුවන්ට වඩාත් විනිවිද පෙනෙන අත්දැකීමක් ලබා දීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම නවතම සන්ධිස්ථානීය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “නිතැතින් ම අපි ඩිජිටල් නව්යෝතපාදනයේ ඉදිරියෙන් ම සිටින අතර මෙසේ ශ්‍රී ලංකාවේ පළමු වරට මාර්ගගත ගෙවීම් සඳහා මෙම සේවාව හඳුන්වා දීම මගින් වෙළෙඳාම සහ ජාතික ආර්ථිකය කෙරෙහි අප දක්වන කැපවීම මනාව සනාථ කරනවා. මාස්ටර්කාඩ් සමඟ ඇති මෙම සහයෝගීතාවය අපගේ වෙළෙඳ ගනුදෙනුකරුවන් පිරිසට, තරඟකාරීත්වයේ වාසිය, නව ආදායම් ප්‍රවාහ මෙන් ම ඔවුන් වෙත පැමිණෙන විදේශීය පාරිභෝගිකයින්හට විනිවිදභාවයකින් යුත් ගෝලීය මට්ටමේ ගෙවීම් අත්දැකීමක් ලබා දීමට ද අවස්ථාව උදාකර දෙනු ඇති. තවද මෙම දියත් කිරීම ඩිජිටල් ආකාරයෙන් ලැබෙන විදේශ ආදායම වැඩිපුර ආකර්ෂණය කර ගැනීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ජාතික වශයෙන් දරණ ප්රයත්නයට සහාය දැක්වීමේ තවත් තීරණාත්මක පියවරක් ද වෙනවා.”
මාස්ටර්කාඩ් හි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා මෙසේ පැවසීය: “මෙම සන්ධිස්ථානයට පුරෝගාමී වීම සම්බන්ධයෙන් අපි කොමර්ෂල් බැංකුවට සුබ පතනවා. DCC විශේෂාංගය හඳුන්වා දීම මගින් ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම වල ඇති හොඳම පිළිවෙත් මෙරටට ගෙන ඒමට හැකිවන අතර ගෙවීම් කිරීමේදී ජාත්‍යන්තර කාඩ්පත් හිමියන්ට තවත් විකල්ප හා විනිවිදභාවය ද ලබා දෙනවා. මෙහිදී බැංකුව විසින් ගනුදෙනු අවදානම් කළමනාකරණය ඇතුළු උසස් ගණයේ විශේෂාංග සියල්ල ම භාවිත කරනු ලබනවා. කුඩා ව්‍යාපාරවල සිට ගෙවීම් එකතු කරන්නන් සහ පහසුකම් සපයන්නන් වැනි සංකීර්ණ ව්‍යාපාර ආකෘති දක්වා සියලුම ප්‍රමාණයේ වෙළෙන්දන් සඳහා බහුකාර්ය විසඳුමක් ලෙස MPGS සේවාව කටයුතු කරනවා. නූතන වෙළෙඳපොළට අත්‍යවශ්‍ය වූ මෙම විසඳුම යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වී ඇත්තේ FEXCO සහ Euronet වැනි හවුල්කරුවන් සමඟ ඇතිකර ගත් අඛණ්ඩ සහයෝගීතාවය සහ තාක්ෂණික ඒකාබද්ධතාවයේ ප්‍රතිඵලයක් වශයෙනි.”
DCC සේවාව අන්තර්ජාල ගෙවීම් සඳහා ද හඳුන්වා දීමෙන් බැංකුව විසින් ශ්‍රී ලාංකික වෙළෙන්දන්ට තම ගනුදෙනුකරුවන්ට ගෝලීය විද්‍යුත් වාණිජමය ප්‍රමිතීන්ට අනුකූල වූ ගෝලීය මට්ටමේ අත්දැකීමක් ලබා දීමේ හැකියාව හිමිකර දී ඇත. තවද එමගින් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට ද තම පිරිවැය පිළිබඳව පැහැදිලි අදහසක් ගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුන් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව වැඩි පාලනයක් ද ලබා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
