සහාධිපත්‍ය නිවාස (Condominium) හෙවත් මහල් නිවාස සැපයීම මත එකතු කළ අගය මත බදු (VAT) අයකෙරෙන ආකාරය, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කොටුම්පතෙහි දක්වා ඇත්තේ මෙසේය.
ඒ අනුව, සහාධිපත්‍ය නිවාස සැපයීම මත පනවා ඇති එකතු කළ අගය මත බදු පහත සඳහන් අවස්ථාවලදී අය නොකෙරෙයි.
1. සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ එක් එක් නිවාස ඒකකයක මිල රු.මිලියන 25ක් නොඉක්මවන විට.
2. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත බලාත්මක දිනට පෙර දිනයක එකී සැපයුමට අදාලව නොතාරිස් ආඥා පනත අනුව විකිණීමේ ගිවිසුමක් ලියා අත්සන් කර ඇති විට, හෝ
3. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත බලාත්මක දිනට පෙර සම්පූර්ණ කරන ලද සහ අදාල පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබාගෙන ඇති යම් සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීම.
මීට අමතරව, පහත සඳහන් සංශෝධන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතෙහි කමිටු අවස්ථවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.
1. සහාධිපත්‍ය නිවාස ඒකක සැපයීම මත අදාල වන වැට් බදු අනුපාතය 6%ක් දක්වා අඩු කෙරෙන අතර, එකී සැපයුමට අදාල යෙදවුම් බද්ද 5%ක අනුපාතයට ගණනය කෙරෙයි.
2. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් ඔවුන්ගේ පිටරට ව්‍යාපෘතිවලට භාණ්ඩ සැපයීම එකතු කළ අගය මත බදු කාර්යය සඳහා අපනයන ලෙස සලකනු ලැබේ.