මහජන බැංකුවේ ඩිජිටල් බැංකු ගනුදෙනුකරුවන් මිලියන 04ක්
ශ්‍රී ලාංකේය බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන මහජන බැංකුවේ ඩිජිටල්කරණ ගමන්මඟ තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් සඳහා ලියාපදිංචි වි ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන 4 පසුකර තිබේ.
මහජන බැංකුව සිය ඩිජිටල් බැංකු සේවා කළඹ යටතේ අන්තර්ජාල බැංකු පහසුකම, ජංගම බැංකුකරණ යෙදවුම සහ People’s Pay Wallet App හරහා ගනුදෙනුකරුවන්ට නව්‍ය හා සුවපහසු බැංකු පහසුකම් ලබාගැනිමේ අවස්ථාව සලසා ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, "ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සහ ආරක්ෂිතව ප්‍රවේශ විය හැකි පරිදි මහජන බැංකුවේ ඩිජිටල්කරණ වේදිකාව ගොඩනඟා තිබෙනවා. මෙසේ මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන් පිරිසක් අප කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා මෙම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය වඩ වඩාත් තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දීමට සහ 2030 වනවිට ජාතික උපායමාර්ගික ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දායක වීමට මහජන බැංකුව අඛණ්ඩව කටයුතු කරනවා" යනුවෙනි.
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි වික්‍රම නාරායන මහතා , "අපගේ ඩිජිටල් බැංකුකරණ පහසුකම් සඳහා ලියාපදිංචි වි ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන හතර පසුකිරීම බැංකුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල සමඟ මහජනතාව වැළඳගත් බවට මනා නිදසුනක්. සිය මූල්‍ය ගමන් මඟේ විශ්වාසනිය හවුල්කරු ලෙස මහජන බැංකුව කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසයට අපගේ කෘතවේදිත්වය පිරිනමනවා" යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා, "මහජන බැංකුවේ ලක්ෂ 4ක් වන ඩිජිටල් බැංකු ගනුදෙනුකරු වීම පිළිබඳ මා ඉමහත් සතුටට පත්වෙනවා. රටේ ආර්ථික හා මූල්‍ය සංවර්ධනයට ක්‍රියාකාරිව දායක වීමට ගනුදෙනුකරුවන් බලගැන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට මම ස්තුතිවන්ත වෙනවා. මහජන බැංකුවට මම සුබ පැතුම් පිරිනමනවා" යැයි කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                