මහජන බැංකුවෙන් ව්‍යවසායකයන් වෙත මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්
මහජන බැංකුව විසින් සිය ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෑබඩ ගම්මානයේ ව්‍යවසායකයින් සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) අතර මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සහ ව්‍යාපාර තිරසරභාවය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත.
මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන පසුගියදා කොළඹ 02, පිපල්ස් ටවර්හිදි පැවැත්වුණු අතර, ව්‍යවසායකයින් 71 දෙනෙකු මේ සඳහා සහභාගි විය. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී මූල්‍ය දැනුම වැඩිදියුණු කිරීම, මූල්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය රන් ව්‍යවසායකයන් අතර තිරසර ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම කෙරෙහි මූලික අවධානය යොමුකෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාවේ බස්නාහිර පළාතේ වැඩබලන අධ්‍යක්ෂිකා තාරකා කුලතුංග, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) නාලිකා ලියනගේ, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාරිනි හරින්ද්රානි අබේවික්‍රම, යුනියන් පෙදෙස ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වී.ටී.ආර්. වසන්ත කුමාර යන මහත්ම මහත්මින්ද සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

