මහජන බැංකු ’People’s Remittance සංවත්සර ප්රණාම 2026’ ජය ලැබූවෝ
මහජන බැංකුවේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් දියත් කළ 'People's Remittance සංවත්සර ප්රණාම 2026' දිනුම් ඇදීම කොළඹ 02, මහජන බැංකුවේ People’s Tower ප්‍රධාන කාර්යාලයේදී 2026 ජූලි මස 01දා පැවැත්විණි.
'People's Remittance සංවත්සර ප්රණාම 2026' වැඩසටහන යටතේ පැවති මෙම දිනුම් ඇදීමේදී රු.15,000/- බැගින් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මලු 65ක් වෙනුවෙන් හිමිවන ජයග්‍රාහකයන් 65ක් තෝරා ගැනුණි.
මෙම දිනුම් ඇදීම සඳහා 2026.01.01 සිට 2026.06.30 දක්වා People's Remittance හරහා මහජන බැංකු ගිණුම් වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබූ ගනුදෙනුකරුවන් සුදුසුකම් ලැබීය.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අයකිරීම්) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ශාඛා කළමනාකරණ) අරුණි ලියනගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (බැංකු සහාය සේවා) ඉඳුමිණි රත්නායක, සහකාර සාමාන්‍යාධිකාරී (එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ප්‍රධාන කළමනාකාර (අභ්‍යන්තර විගණන) කපිල විතාන හා බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරී ඩබ්.සී.අසංග යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකීරක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකේය විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, 'People's Remittance සංවත්සර ප්රණාම 2026' දිනුම් ඇදීම මහජන බැංකුව විසින් දියත් කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
